පසුගිය මැයි මාසයේදී ලොව ප්රථම වතාවට ජංගම දුරකථන සඳහා 64MP image sensor එකක් Samsung සමාගම විසින් හඳුන්වාදීමට කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.
ඔන්න දැන්, Samsung සමාගම Xiaomi සමාගමේ සහාය ද ඇතිව, නැවතත් ලොව පළමු වතාවට mega-pixel 108ක camera sensor එකක් නිෂ්දානය කිරීමට කටයුතු කර ඇති අතර, pixel මිලියන 100ක් ඉක්මවා ගිය ප්රථම mobile camera sensor එක ලෙස මෙය ඉතිහාස ගත වෙනවා.
Big breakthrough is here. Meet #ISOCELL Bright HMX that redefines ultra-high resolution. Learn more: https://t.co/yGc37uM5ss pic.twitter.com/IHwa2W3bYX
— Samsung ISOCELL (@samsungisocell) August 12, 2019
මේ හරහා mega-pixel 108ක ප්රමාණයේ ඡායාරූප ලබාගත හැකි වුවත්, මෙයින් ලබාගන්නා ඡායාරූපයක ප්රමාණය mega-pixel 27 දක්වා කුඩා කිරීම මගින් (Pixel 4ක් භාවිතා කර එක pixel එකක් නිර්මාණය කිරීම හරහා) වඩාත් වැඩි detail ප්රමාණයක් පෙන්වීමට හා අඩු ආලෝක තත්ත්වයන් යටතේ ඉතාමත් හොඳ තත්ත්වයේ ඡායාරූප ලබාගැනීම වෙනුවෙන් භාවිතා කළ හැකි බව Samsung සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.
එමෙන්ම මෙම sensor එක භාවිතා කරමින් තත්ත්පරයට රූපරාමු 30ක වේගයකින් 6K resolution එකකින් යුතු video record කිරීමේ හැකියාව ලබාගත හැකි බව ද ඔවුන් පෙන්වා දෙනවා.
මීට දින කිහිපයකට පෙර දැනගන්නට ලැබුණු තොරතුරකට අනුව Xiaomi සමාගම විසින් මෙම Samsung ISOCELL Bright HMX sensor එක බොහෝදුරට MI mix 4 ජංගම දුරකථනය සඳහා භාවිතා කිරීමට සූදානමින් සිටින බවයි.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Samsung Newsroom වෙබ් අඩවිය, The Verge වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.