IBM කියන්නේ තාක්ෂණික ලෝකයේ ඉතාමත් නම ගිය විශාල ඉතිහාසයක් තිබෙන ආයතනයක් බව අපි කවුරුත් දන්නවා. ඒ වගේම open-source මෘදුකාංග නිර්මාණය වෙනුවෙන් Red Hat කියන නාමයත් ඉතාමත් ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා.
ඔන්න දැන් IBM සමාගම විසින් මේ Red Hat ආයතනය මිළදීගැනීමට සූදානම් වන බව නිවේදනය කර තිබෙන අතර මේ ගණුදෙනුව ඇමෙරිකානු ඩොලර් බිලියන 34 ක වටිනාකමකින් යුතු වෙනවා.
[NEWS] @IBM to acquire Red Hat and become the world's leading #hybridcloud provider. https://t.co/goihRICRr3 https://t.co/G8SKS5gsVk pic.twitter.com/GJL4UmBu1B
— Red Hat, Inc. (@RedHat) October 28, 2018
Red Hat කියන්නේ මේ වන විට Microsoft වලින් පසුව ලොව පුරා විශාල වශයෙන් ව්‍යාපාර ඉලක්ක කරගෙන මෘදුකාංග නිෂ්පාදනය සහ cloud services ලබා දෙන ආයතනයක් වන අතර, මෙම ගණුදෙනුව සිදුකිරීමෙන් පසු IBM සමාගමට ඔවුන්ගේ enterprise cloud computing පද්ධතියේ විශාල වෙනස් කිරීමට අවස්ථාව ලැබේවි.
විශේෂයෙන්ම 2012 වර්ෂයේදී කරලියට පැමිණි මොවුන් open-source මෘදුකාංග හා සේවාවන් භාවිතා කරමින් ව්‍යාපාරික ලෝකයට cloud computing සේවාවන් හා Linux servers ලබා දෙන්නට කටයුතු කිරීමත් සමඟ ඇමෙරිකානු ඩොලර් බිලියනයක ආදායමක් ලබන්නට සමත් වූ ලොව පළමු open-source software company එක ලෙස ඉතිහාසයට එකතු වුණා.

රොයිටර් පුවත් සේවය වාර්ථා කරන පරිදි IBM සමාගම මෙතෙක් කල් සිදු කරනු ලැබූ ගණුදෙනු අතරින් විශාලතම ගණුදෙනුව බවට මෙය පත්වීමට නියමිත අතර මෙම ගණුදෙනුව හරහා මේ වන විට Cloud computing ව්‍යාපාරයේ දැවැන්තයන් ව සිටින Microsoft සහ Amazon සමාගම් වලට සැලකිය යුතු මට්ටමේ තරඟයක් දීමට මොවුන්ට හැකියාව ලැබෙනු ඇති බව පිළිගැනෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය හා thenextweb වෙබ් අඩවිය භාවිතා කළ හැක.