පසුගිය ජූනි 5 වැනිදා වන විට intel 8086 processor නිපදවා හරියටම වසර 40ක් වෙනවා. ඒ වගේම මේක තමයි ලෝකයේ පළමුවැනි x86 CPU එක වෙන්නෙත්.

ඉතින් අවුරුදු 40 කට කලින් transistors 29,000 ක් එකතු කරලා තමයි මේ CPU එක නිර්මාණය කරලා තිබුණේ. ඒ වගේම 1MB දක්වා RAM එකක් address කිරීමටද 5MHz clock speed (පසුව නිකුත් වුණු versions වලදී 10MHz දක්වා වැඩිදියුණු කර ඇත) එකක්ද මේ processor එකට තිබුණා. නමුත් අද වෙන විට CPU එකක transistors බිලියන ගණනක් ඇතුලත් වෙනවා.

intel-8086-techie

ඉතින් ඒ උපන් දිනයට සමගාමීව ඉන්ටෙල් සමාගම තීරණය කරලා තියෙනවා intel core i7 8086K නමින් limited edition ප්‍රොසෙසරයක් එළිදැක්වීමට. මෙම ප්‍රොසෙසරය නිෂ්පාදනය කරලා තියෙන්නේ විශේෂයෙන්ම game සඳහා උනන්දුවක් දක්වන අයටයි. ඒ වගේම මෙම ප්‍රොසෙසරයට හැකියාව පවතිනවා 5GHz single core turbo frequency එකක් ලබාදීමටත්.

8086k-cyan-solo

මෙම ප්‍රොසෙසරයේ cores 6ක් අන්තර්ගත වන අතර මෙහි base frequency එක 4.0GHz වෙනවා. මෙහි cache මතකය මෙගාබයිට් 12 ක් වන අතර Cores 6ක් වගේම threads 12කින් සමන්විත වෙනවා.

8086k-box

මම කලිනුත් කිවුවා වගේ මේ processor එක එළිදක්වලා තියෙන්නේ වසර හතළිහකට කලින් නිර්මාණය කරන ලද intel 8086 ප්‍රොසෙසරයට සුභ උපන්දිනයක් යැයි ප්‍රාර්ථනා කිරීමටයි.

ඉතින් මේ අළුත් processor එක ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම්, Intel product specification page එකෙන් දැනගන්න පුළුවන්.

Source: Intel Newsroom