Google Chrome වල Speed එක වැඩි කිරීම සඳහා Never Slow Mode නමින් අලුත් mode එකක් හඳුන්වා දීමට මෙන්ම තම පරිශීලකයන්ගේ Passwords ආරක්ෂිතදැයි පරීක්ෂා කිරීමට අලුත් Password Checkup Extension එකක් හඳුන්වා දීමට Google සමාගම කටයුතු කළ බව අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

ඒ වගේම Chrome වෙතට අලුතින් Dark Mode එකක් හඳුන්වා දීමට ඔවුන් කටයුතු කරන බව දැනගන්නට ලැබුණත්, තවමත් එය සාමාන්‍යය පරිශීලකයන් හට ලබා දීමට කටයුතු කර නැහැ.


කොහොම නමුත් මේ වන විට Google සමාගමේ Chrome Team එක විසින් ඔවුන්ගේ Chrome Store එක හරහා install කරගත හැකි free themes කිහිපයක් එළිදැක්වීමට කටයුතු කර තිබෙනවා.

මේ අතරට Ultra Violet, Oceanic, Black and White, Banana, සහ Classic Blue වැනි නම් වලින් හඳුන්වන අලුත් themes 12ක් පමණ ඇතුලත් වන අතර, Chrome Store එක හරහා මෙයින් ඔබ කැමති ආකාරයේ theme එකක් හෝ කිහිපයක්, Add to Chrome කියන button එක හරහා Install කරගැනීමේ හැකියාව තිබෙනවා.

ඉතින් ඔයා themes කිහිපයක්ම එක විට install කරගැනීමට කටයුතු කළහොත්, Settings -> Appearance -> Themes යන option එක හරහා එක theme එකකින් අනිත් theme එකට මාරු වීමේ පහසුකම ලැබෙන අතර එහිදී සිදුවන්නේ ද ඉහත පෙන්වා දුන් Chrome Store එකට redirect වීමයි.

මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Softpedia වෙබ් අඩවිය හා TechDows වෙබ් අඩවිය භාවිතා කළ හැක.