Google සමාගමේ Messages app එක ඔස්සේ යවන text messages, send වෙන time එක schedule කලහැකි ක්‍රමයක් අත්හදා බැලීම සඳහා Google සමාගම කටයුතු කරමින් සිටින බව දැනගන්නට ලැබෙනවා.
යම්කිසි text message එකක් type කර එය එම මොහොතේ යැවීමට අවශ්‍ය නැතිනම්, එය send විය යුතු time එක සකස් කර තැබීමට මේ අලුත් පහසුකම හරහා හැකියාව ලැබෙනවා.
මෙහිදී message sending icon එක long press කිරීම මඟින් ඔබට මෙම option එකට පිවිසීමට හැකියාව ලැබෙන අතර එහිදී ඔබට නිශ්චිත වේලාවන් තුනක් options ලෙස ලැබෙනු ඇති අතර හතර වන option එක මඟින් ඔබ කැමති වෙලාවක් ලබාදීම ද කලහැකි වෙනවා.

එමෙන්ම ඔබ schedule කල message එක Messages app එකේ chat list එක තුළ පෙන්වන අතර ඔබට වෙලාව යලි වෙනස් කිරීමට අවශ්‍ය නම් හෝ එය එම මොහොතේම යැවීමට අවශ්‍ය නම් හෝ, නැතිනම් එය delete කිරීමට අවශ්‍ය නම්, අදාළ message එක tap කිරීමෙන් එම කටයුත්ත සිදුකල හැකි වෙනවා.
Finally Google Messages added "Schedule message" 📅🕛 feature.
— Sai Reddy (@besaireddy) November 4, 2020
Put some text in draft, tap and hold send button "schedule message" option will popup. Previously used to get and option to add subject for mms now it moved to 3 dot menu @9to5Google @SkylledDev @AndroidPolice pic.twitter.com/iMNoSt3hLu
මීට පෙර Messages app එක තුළ මෙම sending icon එක long press කිරීම මඟින් ඔබට subject එකක් සමඟ MMS යැවීමට හැකියාව ලබාදුන් අතර, දැන් ඔබට ඔබේ chat box එකේ ඉහළින් පෙන්වා ඇති තිත් තුනක icon එක click කිරීමෙන් එම MMS යැවිමේ option එක වෙත පිවිසිය හැකි වෙනවා.
තවමත් මෙම අලුත් feature එක සංවර්ධනය කරමින් පවතින අතර මේ දක්වා කිසිදු Pixel උපාංගයකට හෝ Beta version එකක් හෝ නිකුත් කර නැති අතර,ඉදිරියේදී update එකක් ලෙස සියලුම Google Messages පරිශීලකයන්ට ලබාදීමට Google සමාගම කටයුතු කරනු ඇති.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.