වසර ගණනාවක් තිස්සේ Facebook ගිණුමේ ආරක්ෂාව වෙනුවෙන්, two-factor authentication සඳහා ලබා දෙන ජංගම දුරකථන අංකය අතිශයින්ම ආරක්ෂාව සඳහා පමණක් භාවිතා කරනු ලබන බව එය ඇතුලත් කරන අවස්ථාවේදී Facebook සමාගම ප්‍රකාශ කරනු ලබනවා.
මේ Phone number එක තමන්ගේ profile එකේ පෙන්වීම අවහිර කිරීමට option එකක් ලබා දී තිබෙන නමුත් මේ ජංගම දුරකථන අංකය භාවිතා කරමින් අදාල පුද්ගලයා සොයා ගැනීමට අවස්ථාව ලබා දීමට Facebook සමාගම කටයුතු කර ඇති අතර, මෙය සම්පූර්ණයෙන්ම නැවැත්වීම සඳහා කිසිඳු විකල්ප ක්‍රමයක් ලබා දීමට ද මොවුන් කටයුතු කර නැහැ.
For years Facebook claimed the adding a phone number for 2FA was only for security. Now it can be searched and there's no way to disable that. pic.twitter.com/zpYhuwADMS
— Jeremy Burge 🐥🧿 (@jeremyburge) March 1, 2019
මේ පහසුකම සඳහා වන option එක default තත්ත්වයේ තිබියදී everyone ලෙස සකසා තිබෙන අතර, friends of friends, හෝ friends යනුවෙන් පරිශීලකයාගේ කැමැත්ත අනුව සකස් කර ගැනීමට අවස්ථාව තිබුණත්, Only me වැනි option එකක් ලබා දී නොමැති බව දකින්නට ලැබෙනවා.

යම්කිසි අවස්ථාවකදී ඔබගේ ජංගම දුරකථන අංකය contact එකක් ලෙස save කර එය Facebook ගිණුම සමඟ sync කළ අවස්ථාවකදී ඔබගේ විස්තර අදාල පුද්ගලයා හට දැකගැනීමට මේ අනුව අවස්ථාව ලැබෙනවා.
මීට අමතරව වෙළඳදැන්වීම track කිරීම සඳහා unique ID එකක් ලෙස මේ ජංගම දුරකථන අංකය භාවිතා කිරීමට මොවුන් කටයුතු කරන අතර මෙය අලුතින් වෙනස් කරනු ලැබූ දෙයක් නොවන බව Facebook සමාගම විසින් TechCrunch වෙබ් අඩවියට ප්‍රකාශ කර තිබෙනවා.
තම Facebook ගිණුමේ ආරක්ෂාව එසේම තිබියදී තමන්ගේ ජංගම දුරකථන අංකය ප්‍රවේසම් කරගැනීමට නම්, අදාල ජංගම දුරකථන අංකය Facebook ගිණුමෙන් ඉවත් කර ඒ වෙනුවට Google Authenticator වැනි app එකක් හරහා two-factor authentication පහසුකම භාවිතා කිරීම මගින් සිදු කරගත හැකි වෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය හා Engadget වෙබ් අඩවිය භාවිතා කළ හැක.