Facebook platform එකේ instant messaging පහසුකම භාවිතා කිරීම වෙනුවෙන් Facebook සමාගම විසින් හඳුන්වාදී ඇති Messenger app එකට, Screen sharing පහසුකම එකතු කිරීමට සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.
Facebook, Messenger සහ Instagram යන platform පිළිබඳව දිගු කාලයක් තිස්සේ තොරතුරු වාර්ථා කරන්නියක වන Jane Manchun Wong මහත්මිය පෙන්වාදෙන පරිදි Screen sharing සක්රිය කළ විට, කැමරාව ක්රියා විරහිත වන අතර, කතාබස් කරන පරිශීලකයා හට අනෙක් පුද්ගලයාගේ තිරය දර්ශනය වන අන්තර්ගතයන් දැකගත හැකි වෙනවා.
Facebook Messenger is testing Screen Sharing for mobile
— Jane Manchun Wong (@wongmjane) August 28, 2019
It's like Watch Together but ascends beyond contents available on Facebook
I wrote a blog about this unreleased feature: https://t.co/NU8Tiw0xhK
Tip @Techmeme pic.twitter.com/Xcv3jOy4hp
කොහොම වුණත් මෙම පහසුකම හරහා අනෙක් පාර්ශවයේ ජංගම දුරකථනය control කිරීමේ හැකියාවක් නොලැබෙන අතර screen එක නැරඹීමේ හැකියාව පමණක් ලබාගත හැකි බව ඇය වැඩිදුරටත් පෙන්වා දෙනවා.


බොහෝ අවස්ථා වලදී තවත් පුද්ගලයෙකු හට තමන්ගේ ජංගම දුරකථනයේ ඇති ගැටළුවක් සඳහා උදව් ලබා ගැනීම වැනි කටයුතු වලදී මේ පහසුකම ඉතාමත් ප්රයෝජනවත් වන අතර මේ වෙනුවෙන් තවත් app එකක් install කරගැනීමේ අවශ්යයතාවය ද මේ හරහා ඉවත් වී යනු ඇත.
කොහොම නමුත් මේ පහසුකම තවමත් development අවස්ථාවේ පවතින අතර මෙය stable සංස්කරණයකට ඇතුලත් කිරීම හෝ ඇතැම් විට මේ පහසුකම අත්හැර දැමීමට වුවත් Facebook සමාගම විසින් කටයුතු කිරීමේ හැකියාවක් පවතිනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා Android Police වෙබ් අඩවිය භාවිතා කළ හැක.