COVID-19 වසංගතය හේතුවෙන් ලෝකයේ ඇති බොහෝ ව්‍යාපාරයන් ආර්ථිකමය වශයෙන් කඩා වැටීමකට ලක් වූ අතර මෙම කාලයේදී online shopping දැඩි ලෙස වර්ධනය වුනා.
ඊට හේතුව වූයේ එම ව්‍යාපරයන් තමන්ගේ ව්‍යාපාර කටයුතු සහ භාණ්ඩ අලෙවි කිරීම යනාදිය online ක්‍රමයට සිදුකිරීමට පෙළඹීම වන අතර Facebook ආයතනයත් ඔවුන්ගේ Instagram app එකට Live shopping පහසුකමක් එකතු කිරීමට පසුගිය මැයි මාසයේ කටයුතු කරන ලද නමුත්, එය ඇමෙරිකානු පරිශීලකයින් හට පමණක් සීමා වී තිබුණා.
කොහොම නමුත් මේ වන විට ප්‍රධාන Facebook app එක වෙත Facebook Shops නමින් නව පහසුකමක් එකතු කිරීමට Facebook ආයතනය කටයුතු කර ඇති අතර ඉතාමත් ඉක්මණින්ම මෙය Facebook Messenger සහ WhatsApp යන සේවාවන් වෙත ද පුළුල් කිරීමට බළාපොරොත්තුවෙන් සිටින බව ඔවුන් පෙන්වා දෙනවා.
Today we're introducing Facebook Shops, which will make it easy for businesses to set up a single online store on both @facebookapp and @instagram, and soon @messenger and @WhatsApp too pic.twitter.com/bBloRGBFzP
— Facebook (@Facebook) May 19, 2020
Facebook සමාගමේ AI team එක විසින් මෙම සේවාව තමන්ගේ AI තාක්ෂණයන් භාවිතා කරමින් වැඩැදියුණු කිරීමට කටයුතු කර ඇති බවත්, මෙම Shops වල අන්තර්ගත වන නිෂ්පාදන වල brand, color, design, සහ style වැනි තොරතුරු ස්ව්‍යංක්‍රීයව හඳුනාගනු ලබන බවත්, එම දත්ත ඇතුලත් කර මේවා පහසුවෙන් සොයාගැනීමට පරිශීගකයාට හැකියාව ලැබෙනු ඇති බවත් ඔවුන් පෙන්වා දෙනවා.

මීට අමතරව මෙම පහසුකම භාවිතා කරන පරිශීලකයින් හට අදාල නිෂ්පාදන අලෙවි කරනු ලබන ව්‍යාපාර සමඟ සෘජුවම සම්බන්ධ වීම සඳහා Messenger හෝ Instagram Direct යන ක්‍රමවේදයන් දැනටමත් භාවිතා කළ හැකි අතර ඉදිරියේදී WhatsApp සේවාව ද භාවිතා කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව ද වැඩිදුරටත් සඳහන් වෙනවා.
මෙම Shops පහසුකම මේ වන විටත් ගෝලීය වශයෙන් නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත්, Instagram Live Shopping පහසුකම තවමත් US පරිශීලකයින් හට පමණක් සීමාවී ඇති බවත් The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Newsroom එක, The Verge වෙබ් අඩවිය සහ TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.