iPhone 12 ජංගම දුරකථන මාලාව එළැඹෙන ඔක්තෝබරයේ නිකුත් වුණු ඇති බව මේ වන විට වනවිට බොහෝ දෙනෙක් අනුමාන කරන අතර එයින් පසුව Apple සමාගමේ පැරණි දුරකථන මාදිලි වන iPhone 11 Pro හා iPhone XR නිපදවීම නවත්වා දැමීමට ඔවුන් තීරණය කරනු ඇතැයි මේ වන විට වාර්තා වී තිබෙනවා.

iApple time නම් Twitter ගිණුමෙහි තැබූ සටහනක් ඔස්සේ මෙම තොරතුරු අනාවරණය වී ඇති නමුත් මෙම පුවත Apple සමාගම විසින් තහවුරු කරන ලද පුවතක් නොවන බවත් මෙහිදී සඳහන් කළ යුතු වෙනවා.

මේ අතර iPhone 11 මාදිලියෙහි මිළ $549 ක් දක්වා අඩු කරනු ඇති බවට ද සඳහන් වී තිබෙන නමුත් එම පුවත ද Apple සමාගම විසින් තහවුරු කිරීමට කටයුතු කර නැහැ.

Apple සමාගම විසින් මේ වන විට මිලෙන් අඩු Apple උපාංග සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති අතර පසුගිය කාලයේ ඒ පිළිබඳව බොහෝ තොරතුරු අසන්නට ලැබුනා.

මේ අතර Apple 12 ජංගම දුරකථන මාලාවේ යම් ප්‍රමාණයක් ඉන්දියාව තුළ නිෂ්පාදනය කිරීම කෙරෙහිද Apple සමාගමේ අවධානය යොමු වී ඇති බව තාක්ෂණික ප්‍රවෘත්ති පළ කරන බොහෝ මූලාශ්‍ර වල සඳහන් වී තිබෙනවා.

5G තාක්ෂණය අන්තර්ගත කිරීමට යන වියදම පියවා ගැනීම සඳහා මිලෙන් අඩු Battery කොටස් භාවිතා කිරීමට Apple සමාගම කටයුතු කරයි
මෙම වසරේදී නිකුත් විමට නියමිත iPhone 12 series එක සඳහා එම දුරකථකන මාලාවේ මිලගණන් අඩු කිරීමට Apple සමාගම විසින් ක්‍රියාමාර්ග ගෙන ඇති බවට විවිධ ආකාරයේ නවප්‍රවෘත්ති මේ වන විට වාර්තා වෙමින් පවතිනවා. මීළඟට නිකුත් වීමට නියමිත iPhone 12 මාදිලි වල මිලගණන් සැළකිය යුතු ලෙස අඩු වීමක්දැකගත හැකිවන ලකුණුApple…

Apple උපාංග වල මිල අඩු කරගැනීම සම්බන්ධයෙන් ඔවුන් වැඩි අවධානයක් යොමු කර ඇති බව මෙම සියලුම තොරතුරු නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි වන අතර iPhone 12 ජංගම දුරකථන මාලාවේ මිල අඩුකර ගැනීම සඳහා එහි බැටරි නිශ්පාදනය සඳහා මිලෙන් අඩු අමතර කොටස් භාවිතා කිරීමටද Apple සමාගම තීරණය කිරීම පිළිබඳවද අපි මීට පෙර ඔබට වාර්තා කරනු ලැබූ බව මතක ඇති.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechRadar වෙබ් අඩවිය සහ Tribune වෙබ් අඩවිය භාවිතා කළ හැක.