Facebook, Instagram සහ WhatsApp යන සේවාවන් වල බිඳවැටීමක් පිළිබඳව මේ වන විට ලොව පුරා පරිශීලකයන් විසින් වාර්ථා කරනු ලබනවා.
බොහෝ දෙනා හට අදාල සේවාවන්හි app හා වෙබ් අඩවිය භාවිතා කරමින් සේවාව ලබාගත හැකි වුවද, තවමත් යම් පිරිසක් හට Sharing වැනි ප්රධාන පහුසකම් පවා ක්රියා නොකරන බව දැනගන්නට ලැබෙනවා.
මෙම downtime එක ඊයේ දිනයේ Paraguay, India, Bangladesh, Argentina ඇතුළු රටවල් කිහිපයකට පමණක් සීමා වී තිබුණත්, මේ වන විට එක්සත් රාජධානිය, ඉන්දියාව, කැනඩාව, පිලිපීනය වැනි රටවල් වලින් ද වාර්ථා වෙනවා.
We’re aware that some people are currently having trouble accessing the Facebook family of apps. We’re working to resolve the issue as soon as possible.
— Facebook (@facebook) March 13, 2019
We’re aware of an issue impacting people's access to Instagram right now. We know this is frustrating, and our team is hard at work to resolve this ASAP.
— Instagram (@instagram) March 13, 2019
We’re aware that some people are currently having trouble accessing and using Oculus. We’re working to resolve the issue as soon as possible. Thank you for your patience while we work through this.
— Oculus Support (@OculusSupport) March 13, 2019
Facebook සමාගම විසින් මේ පිළිබඳව තම සේවාවන්ගේ නිළ Twitter ගිණුම් හරහා මේ බව සනාථ කර තිබෙන අතර DownDetector වෙබ් අඩවිය හරහා මේ ආකාරයෙන් අදාල සේවාවන් අක්රීය වී ඇති ප්රදේශයන් සහ කාළය පිළිබඳව දැනට පවතින තත්ත්වය පිළිබඳව විස්තර දැනගැනීමේ හැකියාව තිබෙනවා.
We're focused on working to resolve the issue as soon as possible, but can confirm that the issue is not related to a DDoS attack.
— Facebook (@facebook) March 13, 2019
තවදුරටත් අදහස් දක්වමින් Facebook සමාගම ප්රකාශ කරනු ලබන්නේ මෙය DDoS ආකාරයේ attack එකක් නොවන බවත්, හැකි ඉක්මණින් මෙම තත්ත්වය යථාතත්ත්වයට පත් කිරීමට කටයුතු සිදු කරමින් සිටින බවත් ය.

මේ downtime එක නිසාවෙන් Social sharing පහසුකම හරහා අපගේ Facebook පිටුව වෙත පළ කෙරෙනු ලබන ලිපි ද තාවකාලිකව ක්රියාත්මක නොවන බව email පණිවිඩයක් මගින් දැන්වීමට කටයුතු කර තිබෙනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා TechCrunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.