ලොව පුරා සීග්‍රයෙන් පැතිර යාම හේතුවෙන් COVID-19 වෛරසය වසංගත තත්ත්වයක් ලෙස නම් කිරීමට කටයුතු කළ අතර මේ වේගයෙන්ම මේ පිළිබඳව වැරදි තොරතුරු, කටකතා ආදිය ද සීග්‍රයෙන් පැතිර යනු දකින්නට ලැබෙනවා.
විශේෂයෙන්ම සමාජ ජාල භාවිතයෙන් පැතිර යන මේ වැරදි තොරතුරු විශාල වශයෙන් දකින්නට ලැබෙන නිසාවෙන් නිවැරදි තොරතුරු ලබාගත හැකි විශ්වාසනීය මාධ්‍යයන් හඳුනාගැනීමට පවා මේ වන විට අපහසු වී තිබෙනවා.
To receive updates on #COVID19 from WHO add this number— +41 79 893 18 92 to your contacts and send a @WhatsApp message. You’ll automatically be registered to receive updates and also have an option to ask for more information as shown below. pic.twitter.com/WXaGd88AGf
— WHO Uganda (@WHOUganda) March 20, 2020
මෙයට විසඳුමක් ලබාදීමට Facebook සමාගම, ලෝක සෞඛ්‍යය සංවිධානය (World Health Organization) සමඟින් සම්බන්ධ වී WhatsApp හරහා භාවිතා කළ හැකි ක්‍රමයක් ලබාදීමට කටයුතු කර ඇති බව ඊයේ දිනයේ Mark Zuckerberg විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.
We've worked with the World Health Organization (WHO) on a way to get authoritative information about coronavirus sent...
Posted by Mark Zuckerberg on Friday, March 20, 2020
මේ අනුව පහත link එක click කර, මීළඟට ලැබෙන screen එක මත ඇති send button එක tap කිරීමෙන් තමන්ගේ WhatsApp ගිණුමට මේ WHO WhatsApp Bot එක add කරගැනීමෙන් හෝ +41 79 893 18 92 යන දුරකථන අංකය ඔබේ contact list එකට එකතු කරගැනීමෙන් මෙම සේවාව භාවිතා කිරීමේ හැකියාව ලැබෙනවා.

මීට අමතරව Google සමාගම ද මේ Coronavirus වසංගතය පිළිබඳව නිළ වෙබ් අඩවියක් ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති අතර ඊට අදාලව ඔවුන්ගේ search results ද වෙනස් කිරීමට කටයුතු කර තිබෙනවා.
මේ වෙබ් අඩවිය හරහා මේ වන විට වෛරසය පැතිරී ඇති රටවල්, ආසාධිත රෝගීන් ප්‍රමාණය, මිය ගිය සහ ඉන් සුවය ලැබූ රෝගීන් ප්‍රමාණය දැක්වෙන map එකක් ද දැකගත හැකි වන අතර මෙයින් වැලකී සිටීමට අනුගමනය කළ යුතු උපදෙස් ආදිය ද, නිවසේ සිට වැඩ කිරීමේදී එම කටයුතු පහසු කරගැනීමේ හැකියාව ලැබෙන ක්‍රම ආදිය ද මෙයට ඇතුලත් වෙනවා.

එමෙන්ම CDC, එහෙමත් නැතිනම් Centers for Coronavirus Disease Control & Prevention ආයතනය විසින් Microsoft සමාගමේ සහාය ඇතිව Coronavirus Self-Checker නමින් Chat Bot සේවාවක් හඳුන්වාදී ඇති අතර මේ හරහා තමන්ට මේ වෛරසය ආසාධිත වී ඇත් ද යන්න පිළිබඳව පරීක්ෂා කරගැනීමේ හැකියාව ලැබෙනවා.
මේ හරහා නිවෙස් වලට වී, සාමාන්‍යය සෙම්ප්‍රතිශ්‍යයාව වැනි රෝගයකින් පෙලෙන හෝ වෙනත් රෝගී තත්ත්වයකින් පෙලෙන කෙනෙකුට තමන්ට මේ COVID-19 වෛරසය ආසාධනය වී ඇත්දැයි පරීක්ෂා කරගැනීමට හැකියාව ලැබෙන අතර එම මානසික පීඩනයෙන් නිදහස් වීමේ හැකියාව ලැබී තිබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය, AndroidCentral වෙබ් අඩවිය, Google COVID-19 වෙබ් අඩවිය සහ නිළ CDC වෙබ් අඩවිය භාවිතා කළ හැක.