Facebook Gaming app එක දැන් Google Playstore හරහා Downlod කරගැනීමේ හැකියාව ලබාදෙයි
මේ වන විට game play කරන්නන් තමන්ගේ games online stream කිරීම සඳහා වැඩි වශයෙන් YouTube Gaming, Twitch සහ Mixer වැනි සේවාවන් භාවිතා කිරීමට කටයුතු කරනු ලබන අතර Facebook සමාම විසින් ඔවුන්ගේ Facebook Gaming සේවාව හරහා ද මේ පහසුකම ලබාදෙනු ලබනවා.
මෙම Facebook gaming සේවාව app එකක් ලෙස මේ වනවිට Android devices සදහා පමණක් release කර ඇති අතර ඔබට එය Google PlayStore හරහා download කරගැනීමේ හැකියාව ලබාදීමට කටයුතු කර තිබෙන බව ඔවුන්ගේ නිළ Twitter ගිණුම හරහා ප්රකාශයට පත් කර තිබෙනවා.
📣 Launch announcement 📣🧵
— Facebook Gaming #playaparttogether (@FacebookGaming) April 20, 2020
1/ We know you’ve waited patiently. Well folks the day has come: we're launching FarmVille in VR! j/k, sorry, kind mobs of Twitter, don’t @ us! We're actually launching the Facebook Gaming app on Google Play.
Download NOW 👉 https://t.co/6wzoSRD3Gj pic.twitter.com/5YzVxmklHm
මෙම Facebook Gaming app එක මගින් පරිශීලකයන් හට වෙනත් පුද්ගලයන්ගේ game streams නැරඹීමට හා Streame කරන්නන්ව follow කිරීමට හැකියාව මෙන්ම විවිධ gaming පිළිබඳව වන groups වලට join වීමේ හැකියාවද ලබා දෙනවා.
මීට අමතරව ඔබට download කිරීමක් සිදු නොකර play කල හැකි games (instantaneous games) කිහිපයක්ද මේ හරහා ක්රීඩා කිරීමට හැකියාව ලැබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Facebook Gaming නිළ Twitter ගිණුම සහ Android Central වෙබ් අඩවිය භාවිතා කල හැක.