පසුගිය වසර කිහිපය මුළුල්ලෙහි Facebook සමාගම විසින් ඔවුන්ගේ mobile app එකට විවිධ වෙනස්කම් සිදු කිරීමට කටයුතු කළ බව මේ වන විටත් ඔබ දන්නවා ඇති.

ඔන්න දැන්, එක් අතක් පමණක් භාවිතා කරමින් Facebook app එක පරිශීලනය කරනු ලැබීමේදී එය පහසුවෙන් සිදු කරගැනීම වෙනුවෙන් මේ දක්වා ඉහළින් තිබුණු tabs bar එක bottom tabs bar එකක් ලෙස වෙනස් කිරීමට Facebook ආයතනය කටයුතු කරමින් සිටිනවා.

මෙය එතරම් වැදගත් නොවන වෙනස් කමක් ලෙස නෙපෙණුනත්, බොහෝ විට විශාල Screen එකක් සහිත devices භාවිතා කිරීමේදී හා වෙනත් කටයුත්තක යෙදෙමින් සිටියදී එක් අතක් පමණක් යොදාගෙන ජංගම දුරකථනය රඳවාගෙන සිටින විට මෙය ඉතාමත් ප්‍රයෝජනවත් වන බව වැටහෙනු ඇත.

Android සඳහා නිකුත් කර ඇති Facebook app එකේ 264.0.0.44.111 සංස්කරණය සහ ඊට පසු සංස්කරණ වල මේ වෙනස්කම දැකගත හැකි වන අතර මෙය දැනටමත් විශාල පරිශීලකයන් ප්‍රමාණයකට ලබාදීමට Facebook ආයතනය කටයුතු කර ඇති බැවින් test සංස්කරණයක් ලෙස නොසැළකිය හැකි බව XDA-Developers වෙබ් අඩවිය පෙන්වා දෙනවා.

මේ අනුව ඉදිරි දින කිහිපය ඇතුලත මෙය අනෙකුත් පරිශීලකයන් හට ද ලබාදීමට Facebook සමාගම කටයුතු කරනු ඇති බව අපේක්ෂා කරනු ලබනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා XDA-Developers වෙබ් අඩවිය හා 9to5google වෙබ් අඩවිය භාවිතා කළ හැක.