ලොව ධනවත්ම පුද්ගලයින් කිහිපදෙනෙකු තම ධනයෙන් ඉතාමත් සුළු කොටසක් වැය කිරීමට සමත් වන්නේ නම් ලෝක ආහාර අර්බුධය විසඳීමට හැකියාව ලැබෙනු ඇති බව මෙම මස මුල එක්සත් ජාතීන්ගේ සංගමයේ ලෝක ආහාර වැඩසටහනෙහි ප්‍රධානියා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියා.
මෙය පාදක කරගනිමින් CNN වෙබ් අඩවිය ප්‍රකාශ කර තිබුණේ Elon Musk ගේ සම්පූර්ණ වත්කමෙන් 2%ක (දල වශයෙන් ඩොළර් බිලියන 6ක) ප්‍රමාණයක් මෙම ව්‍යාපෘතිය සඳහා වැය කළහොත් මෙම ගැටළුව විසඳීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
මෙම ප්‍රකාශයට තම නිළ Twitter ගිණුම හරහා පිළිතුරු ලබාදෙමින් Elon Musk ප්‍රකාශ කර සිටියේ ඔහුගේ ඩොළර් බිලියන 6ක මුදල හරහා ලෝක ආහාර අර්බුධය විසඳිය හැකි ආකාරය එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැහැදිලි කළ හැකි නම්, ඔහු Tesla සමාගමේ කොටස් විකුණා එම මුදල ඔවුන් හට ලබාදීමට සූදානමින් සිටින බවයි.
If WFP can describe on this Twitter thread exactly how $6B will solve world hunger, I will sell Tesla stock right now and do it.
— Elon Musk (@elonmusk) October 31, 2021
නමුත් එම මුදල වියදම් කළ ආකාරය පිළිබඳව සියළුම විගණන තොරතුරු මහජනයාට බැලිය හැකි, එනම් open source accounting ක්‍රමයට සිදු කළ යුතු බව ද ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
මින් දින කිහිපයකට පසුව Elon Musk ට එල්ල වූ තවත් චෝදනාවක් වන්නේ ලොව ධනවත්ම පුද්ගලයා වුවත්, ඔහු ආදායම් බදු නොගෙවන බවයි. මීට ප්‍රධානතම හේතුව වන්නේ Elon Musk ට ඔහුගේ රැකියාව වෙනුවෙන් කිසිඳු වැටුපක් ඔහුගේ ආයතන වලින් නොගෙවීම වන අතර, ඒ වෙනුවට අදාල ආයතන වල ව්‍යාපාර කොටස් වලින් ප්‍රමාණයක් ඔහුට ලබාදෙනු ලැබීමයි.
ඒ අනුව ඔහු සතුව මුදල් නොමැති අතර, ඔහුට අවශ්‍යය මුදල් ඔහුගේ එම shares ඇපයට තබා බැංකු ණය ලෙස ලබාගැනීමට කටයුතු කරන බැවින්, ඒවාට ද බදු අය කිරීමක් සිදුවන්නේ නැහැ.
Note, I do not take a cash salary or bonus from anywhere. I only have stock, thus the only way for me to pay taxes personally is to sell stock.
— Elon Musk (@elonmusk) November 6, 2021
මෙම චෝදනාව එල්ල කිරීමත් සමඟ නැවතත් Elon Musk විසින් ඔහු සතු Tesla සමාගමේ කොටස් වලින් 10%ක ප්‍රමාණයක් අලෙවි කිරීමට සූදානම් බවත්, එය සිදු කළ යුතුද නැද්ද යන්න විවෘත Twitter poll එකක් හරහා මහජනයාගෙන් විමසීමටත් කටයුතු කරනු ලැබුවා.
Much is made lately of unrealized gains being a means of tax avoidance, so I propose selling 10% of my Tesla stock.
— Elon Musk (@elonmusk) November 6, 2021
Do you support this?
මේ හරහා ලැබුණු ප්‍රතිචාර අනුව බොහෝ දෙනාගේ තීරණය වූයේ එම කොටස් විකුණා දැමීම සුදුසු බව වන අතර, මේ අනුව පසුගිය සතිය ඇතුලත පමණක් ඩොළර් බිලියන 5කට අධික Tesla සමාගමේ ව්‍යාපාර කොටස් ප්‍රමාණයක් විකුණාදැමීමට Elon Musk කටයුතු කර තිබෙනවා.
මේ අනුව මෙලෙස ලැබෙන මුදල් වලින් 50%කට ආසන්න ප්‍රමාණයක් බදු ලෙස ගෙවීමට ඔහුට සිදු වනු ඇති බව The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
Elon Musk ලොව ධනවත්ම පුද්ගලයාට හිමි කිරුළට හිමිකම් කියනු ලැබුවත්, මේ දක්වා ඔහු සතුව සැබෑ ලෙසම මුදල් නොතිබුණු අතර, ඔහුට ඔහුගේම නිවසක් හෝ නොමැති බව වරෙක ඔහු ප්‍රකාශ කර සිටිනු ලැබුවා.
කෙසේ වෙතත් මෙම තීරණයෙන් පසුව ඔහුට සැබෑ ලෙසම විශාල මුදල් ප්‍රමාණයක් ලැබෙනු ඇති අතර, අනෙකුත් ධනවතුන් අතර සැබෑ ලෙසම මුදලින් ධනවතෙකු වීමට ඔහුට මේ හරහා හැකියාව ලැබෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ BBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.