iPhone සඳහා USB type C port එක භාවිතා නොවීම පිළිබඳව මේ දිනවල සංවාදයක් ඇතිවී තිබෙන බව ඔබ දැනටමත් දන්නවා ඇති.

යුරෝපා සංගමය විසින් මේ සම්බන්ධයෙන් සම්මතයන්  නිර්මාණය කිරීමට උත්සාහ කිරීම හා Apple සමාගම ඊට සාධනීය ප්‍රතිචාර නොදැක්වීම යන කාරණා මීට හේතු වී තිබෙනවා.

iPhone ඇතුළු සියලුම Smartphone සඳහා USB Type-C cable එක අනිවාර්ය කිරීමට යුරෝපා සංගමය සූදානම් වෙයි
Micro USB හා USB Type C යන port android ජංගම දුරකථන වල බහුලව භාවිතා වෙන අතර, එයිනුත් Micro USB port එක Android උපාංග වලින් ද ටිකෙන් ටික ඉවත්ව ඒවා USB Type C වෙත මාරු

ඒ අතරවාරයේ ස්විට්සර්ලන්ත රොබෝ විද්‍යා ශිෂ්‍යයකු වන Ken Pillonel විසින් නිර්මාණය කරන ලද, USB type C සහිත iPhone X දුරකථනයක් eBay වෙබ් අඩවිය හරහා පවත්වන ලද වෙන්දේසියකදී $86,001 ක් තරම් ඉතා ඉහල මිලකට අලෙවි වී තිබෙනවා.

ඔහු විසින් iPhone X දුරකථනයක standard lightning port එක ඉවත් කර, ඒ වෙනුවට USB Type-C port එක සමඟ දුරකථනය ප්‍රතිනිර්මාණය කර තිබුණා.

මෙලෙස ප්‍රතිනිර්මාණය කරන ලද iPhone X දුරකථනය eBay ඔස්සේ වෙන්දේසි කෙරුණු අතර, මෙම වෙන්දේසිය සඳහා 116 කට අධික ලංසු ප්‍රමාණයක් ලැබී තිබුණු බව සඳහන් වෙනවා.

පසුගිය සතියේ මෙහි මිල $85,000 කට ස්ථාවරව තිබුණු අතර, නොවැම්බර් 11 වෙනිදා ලංසු තැබීම අවසන් වන විට එය $86,001 ක් දක්වා ඉහළ ගොස් තිබුණා.

Ken Pillonel විසින් මෙම පරිවර්තනය සිදු කළ ආකාරය, මෙම සබැඳිය ඔස්සේ ඔබටත් නැරඹිය හැකියි.

කෙසේ වෙතත්, Piloner අනතුරු අඟවන්නේ උපාංගය මිලදී ගන්නා ඕනෑම පරිශීලකයෙකු Reset කිරීම, OS Upadte කිරීම හෝ දත්ත මැකීම වැනි දේ නොකළ යුතු බව වෙන අතර, එසේ කිරීමෙන් උපාංගය ක්‍රියාත්මක නොවී යාමේ අවදානමක් ඇති බව ඔහු අනතුරු අඟවනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5mac වෙබ් අඩවිය සහ Gizmodo වෙබ් අඩවිය භාවිතා කළ හැක.