Tesla සමාගම විසින් ඔවුන්ගේ Cybertruck එක එළිදැක්වීම පිළිබඳව හා එයට ලැබුණු බළාපොරොත්තු නොවූ ඉල්ලුම පිළිබඳව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

විශේෂයෙන්ම මේ Tesla සමාගමේ ප්‍රධානියා වන Elon Musk ගේ අදහස් සාම්ප්‍රදායික ව්‍යවසායකයෙකුගේ අදහස් වලට වඩා පියවර ගණනාවක් ඉදිරියෙන් ඇති බව මේ වන විටත් ඔබ දැක ඇති.
ඔන්න දැන්, Elon Musk විසින් Tesla ආයතනයේ Artificial Intelligence department එකට එකතු වීම සඳහා AI පිළිබඳ දැනුම ඇති අයට ආරාධනා කර සිටින අතර ඒ සඳහා උපාධියක් තිබීම අත්‍යාවශ්‍යය නොවන බව ප්‍රකාශ කර තිබෙනවා.

මේ සඳහා Degree එකක් හා අධ්‍යාපන සුදුසුනම් අවශ්‍යය නොවුණත්, artificial intelligence පිළිබඳව ගැඹුරු දැනුමක් තිබීම සහ ඔවුන් ලබාදෙන coding test එක සමත්වීම අනිවාර්යය වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා.
මීට පෙර 2014 වර්ෂයේදී ද මේ පිළිබඳව අදහස් දැක්වීමට ඔහු කටයුතු කර තිබුණු අතර එහිදී ද උපාධියක ඇති වැදගත්කම පිළිබඳව ප්‍රකාශ කිරීමට ඔහු කටයුතු කර තිබුණා.
ඔහු පෙන්වා දෙන්නේ Bill Gates, Larry Ellison සහ Steve Jobs වැනි පුද්ගලයන් හට උපාධියක් නොතිබුණු බවත්, උපාධියක් තිබීම හරහා අදාල පුද්ගලයා හට යම්කිසි හොඳ දෙයක් නිර්මාණය කිරීමට ඇති හැකියාව පෙන්නුම් කරන නමුත් එය අත්‍යාවශ්‍යය නොවන බව වැඩිදුරටත් පෙන්වා දෙනවා.
ඒ වෙනුවට තමන්ගේ හැකියාව පෙන්නුම් කරන ජයග්‍රහණ හෝ වෙනත් records තිබෙන්නේ නම් මෙන්ම අනාගතයේදීත් ඒ ආකාරයෙන් කටයුතු කිරීමට සූදානම් නම්, එය ප්‍රමාණවත් වන බව ඔහු ප්‍රකාශ කරනවා.
Tesla will hold a super fun AI party/hackathon at my house with the Tesla AI/autopilot team in about four weeks. Invitations going out soon.
— Elon Musk (@elonmusk) February 2, 2020
මේ අනුව තවත් මාසයක කාලයක් ඇතුලත ඔහුගේ නිවසේදී AI Hackathon එකක් පැවැත්වීමට ඔහු කටයුතු සූදානම් කරනු ලබන අතර ඊට අදාල invitations ඉතාමත් ඉක්මණින් බෙදාහැරීමට කටයුතු කරනු ලබන බව ද ඔහු ප්‍රකාශ කර සිටිනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා CNBC වෙබ් අඩවිය හා TNW වෙබ් අඩවිය භාවිතා කළ හැක.