Elon Musk පිළිබඳව මේ දින වල අන්තර්ජාලය තුල නිරන්තරයෙන් විවිධ වූ අලුත් තොරතුරු වාර්ථා වන අතර ඔහු විසින් Twitter සේවාව මිලදී ගැනීමෙන් පසුව Twitter ආයතනයේ විශාල වෙනස්කම් කිහිපයක්ද පසුගිය මාස කිහිපය තුල සිදුකරනු ලැබුවා.
The people have spoken.
— Elon Musk (@elonmusk) November 20, 2022
Trump will be reinstated.
Vox Populi, Vox Dei. https://t.co/jmkhFuyfkv
Elon Musk විසින් මීට පැය කිහිපයකට පෙර පළකරන ලද Twitter පණිවිඩයකින් ඔහු විසින් පවසා ඇත්තේ මෙතෙක් කල් Twitter හි suspend කර තිබූ Donald Trump ගේ නිළ Twitter ගිණුම නැවත ඔහුට භාවිතා කිරීමට හැකි ලෙස සක්රිය කර දීමට කටයුතු කර ඇති බවයි.
Elon විසින් මෙම තීරණය ගැනීමට පෙර ඔහුගේ පෞද්ගලික Twitter ගිණුමේ poll එකක් පළකරමින් මේ පිළිබඳව පරිශීලකයටන්ට vote කිරීමට හැකියාව ලබා දී තිබූ අතර එහි අවසාන result එකෙහි දැක්වෙන්නේ vote කර ඇති පරිශීලකයන්ගෙන් 51.8% ක් නැවතත් Donald Trump ගේ නිළ Twitter ගිණුම active කිරීමට කැමති බවයි.
Reinstate former President Trump
— Elon Musk (@elonmusk) November 19, 2022
ඒ අනුව, දැන් Twitter හි Donald Trump ගේ නිළ Twitter ගිණුම නැවතත් දැකගැනීමට හැකියාව ලැබෙනු ඇති අතර මෙය සිඳුවන්නේ 2024 දී නැවත ජනාධිපතිවරණයට තරග කරන බව Trump විසින් තහවුරු කර දින කිහිපයකට පසු වීමත් විශේෂත්වයක් වෙනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.