Gorilla glass සඳහා ඉමහත් ප්‍රසිද්ධියක් උසුලන Corning සමාගම මේ වන විට foldable devices සඳහා cover (tempered) glass නිෂ්පාදනය කිරීමට කටයුතු කරමින් සිටින බව පසුගිය සැප්තැම්බර් මාසයේදී අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

අනාගත Foldable devices සඳහා Ultra Thin Glass එකක් නිර්මාණය කිරීමට Samsung සමාගම Corning සමාගමත් සමඟ එකතු වෙයි
UTG එහෙම නැතිනම් Ultra thin glass යනු වර්තමානයේ Foldable උපාංග වල සඳහා භාවිතා වනතිර ආරක්ෂණ විශේෂයක් වන අතර සාමාන්‍ය flat තිර සඳහා භාවිතා වන තිර වලට වඩා ඒවාසැලකිය යුතු ලෙස මිල අධික වෙනවා. සාමාන්‍ය flat තිරයක් සඳහා භාවිතා කරනු ලබන glass එක 2$ ක් පමණ වෙද්දී මෙම UTGglass එකක් 40$ ක් පමණ වන අතර මේ නි…

දැන්, මේ Corning සමාගම එහි අවසන් අදියරට පැමිණ ඇති බව සඳහන් කර සිටින අතර ඒ අනුව 2021 වර්ෂයේ සිට Samsung සමාගමේ foldable devices සඳහා cover glass ලබාදිමට Corning සමාගමට හැකියාව ලැබෙනු ඇති.

දැනට Samsung Display සමාගම වෙත මෙම Glass සැපයුම් සිදුකරන ලබන්නේ ජර්මානු සමාගමක් වන Schott සමාගම විසින් වන අතර, UTG Glass වලට අවශ්‍ය වීදුරු උපස්ථර සඳහා වසර තුනක සුවිශේෂී මිලදීගැනීමේ ගිවිසුමක්ද අත්සන් කර තිබෙනවා.

මේ වන විට, Samsung Electronics ආයතනය විසින් Samsung foldable ස්මාර්ට්ෆෝන් සඳහා සාදන ලද UTG Glass (අතිශය තුනී වීදුරු ආවරණයන්) ලබා ගනු ලබන්නේ සිය අනුබද්ධ ආයතනය වන Samsung Display ආයතනය වෙතින් වන අතර, Samsung Display ආයතනය විසින් මේ සඳහා භාවිතා කරන උපස්ථර වීදුරුවේ එකම සැපයුම්කරු වන්නේ මෙම Schott සමාගමයි.

Corning සමාගම වෙතින් cover galss ලබා ගැනීමට සූදානම් වීම මගින් Samsung Electronics හා Samsung Display අතර තරඟකාරිත්වය ඉහළ යනු ඇති අතර, එය වක්‍රාකාරව Corning සමාගම හා Schott සමාගම අතර වෙළඳ තරඟකාරිත්වයක් ඇති වීමට ද ඉවහල් වනු ඇති.

කෙසේ වෙතත්, Samsung Electronics ආයතනය විශ්වාස කරන්නේ මෙම නව කොන්ත්‍රාත්තුව මඟින් folding display වලට අවශ්‍යය cover glass වල ඒකකයක මිල පාලනය කරගැනීමට හැකියාව ලැබෙනු ඇති බව හා තමන්ගේම සැපයුම් දාමයක් නිර්මාණය කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ TechnoSports වෙබ් අඩවිය භාවිතා කළ හැක.