වසර ගණනාවක් තිස්සේ Google සමාගම විසින් නව ගැනුම්කරුවන් පොළඹවා ගැනිම සඳහා Chromebook හිමිකරුවන්ට විවිධ offers ලබාදෙන අතර මේ දින වලදි සෑම Chromebook පරිශීලකයෙකු හටම DOOM games දෙකක් නොමිලේ ලබාඳිමට Google සමාගම විසින් කටයුතු කර තිබෙන බව මේ වන විට වාර්ථා වෙනවා.
පසුගිය වසරේදි DOOM සහ DOOM II යන Games දෙකම සියළුම Android devices සඳහා Google Play Store වෙත නිකුත් කරන ලද අතර මේ DOOM සහ DOOM II යන games මුලින්ම release වුයේ පිළිවෙලින් 1993 සහ 1994 වර්ෂයන් වලදී ය.
දැනට මිලදීගෙන ඇති Chromebook සඳහා මෙන්ම අලුතින් මිලදීගනු ලබන Chromebook සඳහා මෙම games දෙකම ඔබට නොමිලයේ ලබාගැනීමට හැකියාව ඇති අතර මෙය සාමාන්‍යයෙන් එකක් $4.99 බැගින් ගෙවා මිලදීගත යුතු වෙනවා.
මේ games දෙක මීට අදාල Google website එකේ “Get perk” button එක Click කිරිම මගින් Google Play Store හරහා නොමිලේ Download කර ගැනිමට අවස්ථාව ලබාදී තිබෙනවා.
කොහොම නමුත් මෙය නොමිලයේ ලබා ගැනීම සඳහා අනිවාර්යෙන්ම ඔබ Chromebook එකකින් එම website එකට පිවිසිය යුතු වන අතර වෙනත් පරිගණක වලින් හෝ smartphone වලින් පිවිසුනු අවස්ථා වලදී, පහත පෙනෙන පරිදි අදාල button එක අළු පැහැයෙන් දිස්වේ.
Chromebook හිමිකරුවන් හට ලබා ගත හැකි එකම Free game එක Doom Games පමණක් නොවන අතර මේ වන විට Stardew Valley, Fallout Shelter, Fishdom වැනි Games කිහිපයක් ද මේ ආකාරයෙන් නොමිලයේ ලබා ගැනිමට ඔවුන් හට හැකියාව පවතිනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා 9to5google වෙබ් අඩවිය සහ Slashgear වෙබ් අඩවිය භාවිතා කළ හැක.