ලෝකයටම අඩු මිලට internet ලබාදීම සඳහා නිර්මාණය වෙමින් පවතින SpaceX ආයතනයේ Starlink satellite network එක ගැන කිහිප වරක්ම අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

තවත් Starlink Satellites 60ක් නොවැම්බර් 11 වැනි දින අභ්‍යාවකාශගත කිරීමට SpaceX ආයතනය සූදානම් වෙයි
Communication satellite network එකක් නිර්මාණය කිරීම හරහා මුලු ලොවටම අඩු මිලටඅන්තර්ජාල සම්බන්ධතාව ලබාදීම වෙනුවෙන් චන්ද්‍රිකා 12,000ක් අභ්‍යාවකාශගත කිරීමේ Starlink ව්‍යාපෘතිය [https://www.starlink.com/] ගැන මීට පෙර අපි ඔබව දැනුවත් කළාමතක ඇති. මුළු ලොවටම Internet ලබා දීම සඳහා SpaceX විසින් ගුවන්ගත …

ඔන්න දැන්, චීනයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන Geely සමාගම ඔවුන්ගේම satellite ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සූදානම් වන බව මේ වන විට වාර්ථා වෙනවා.

මේ වන විට මොවුන්ගේ නිෂ්පාදන අතරට trucks, trains, passenger drones මෙන්ම Volvo සමාගමේ නිෂ්පාදන ද අයත් ‍වන අතර දැන් එය චන්ද්‍රිකා දක්වා පුළුල් වීමක් සිදු වෙනවා.

මේ satellite network එක නිර්මාණය කිරීමට මූලික හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ smart three-dimensional mobility ecosystem එකක් නිර්මාණය කිරීම වන බව ඔවුන් පෙන්වා දෙනවා.

මේ low-orbit satellites භාවිතා කරමින් high speed data transmit කිරීමේ හැකියාව ලබාගැනීම, centemeter කිහිපයක් තරම් දුරට නිවැරදි navigation හැකියාව ලබාගැනීම සහ over-the-ari content delivery, එකහෙමත් නැතිනම් ඔවුන්ගේ මෝටර් රථ වලට software update ලබාදීම වැනි කටයුතු සිදු කිරීම වැනි කටයුතු සිදු කරගැනීමට ඔවුන් සැළසුම් කර තිබෙනවා.

ඔවුන්ගේ satellite නිෂ්පානාගාරයේ render එකක්

චීනයේ Taizhou නගරයේ ඔවුන්ගේ satellite නිෂ්පානාගාරය ගොඩනැගීමට Geely සමාගම සැළසුම් කර ඇති අතර මෙම facility එක හරහා Geely සමාගමට මෙන්ම අනෙකුත් සමාගම් වලට අවශ්‍යය කරනු ලබන විවිධ ආකාරයේ satellite නිෂ්පාදනය කිරීමට මොවුන් බළාපොරොත්තු වෙනවා.

එමෙන්ම මේ satellite network එක  නිර්මාණය කිරීම වෙනුවෙන් ඇමෙරිකානු ඩොළර් මිලියන 326ක පමණ මුදලක් ආයෝජනය කිරීමට සැළසුම් කර ඇති අතර මෙම වසර අවසාන වන විට satellite 500ක් පමණ සමඟින් මෙම network එක launch කිරීමට ද සූදානම් වන බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය හා Financial Times වෙබ් අඩවිය භාවිතා කළ හැක.