BBK Electronic සමාගම යටතේ එන පළමු Laptop එක හා Tablet එක නිකුත් කිරීමට Realme සමාගම සූදානම් වෙයි
Samsung හා Apple හැරුණු විට, ලොව තෙවන විශාලතම ජංගම දුරකථන නිශ්පාදකයා බවට පත්ව තිබෙන්නෙ BBK Electronic සමාගමයි.
විශේෂයෙන්ම Huawei සමාගමේ වෙළඳ පොළ බිඳ වැටීමත් සමග එම ස්ථානය ලබා ගැනීම සඳහා මේ වන විට Xiaomi හා BBK Electronic සමාගම අතර ඇතිව තිබෙන්නේ දැඩි තරගයක්.
Oppo, OnePlus, Realme, iQOO හා Vivo යන සමාගම් පහේ එකතුවෙන් නිර්මාණය වී තිබෙන BBK Electronic සමාගම, දැන් සිය නිශ්පාදන පරාසය පුළුල් කරමින් සිටින අතර, ඒ අනුව ඉතාම නුදුරු දිනෙක Realme වෙළඳ නාමය යටතේ Laptop එකක් හා Tab එකක් නිකුත් කිරීමට නියමිතයි.
මෙහිදී Laptop එක, 3:2 aspect ratio එක සහිත තිරයකින් යුක්තව නිකුත් වෙනු ඇති අතර, එය මෙම laptop එකේ key marketing point එක ලෙස යොදා ගැනීමටද නියමිත බව ආරංචි අනුව සඳහන් වෙනවා.
එමෙන්ම Apple MacBook එක inspire කරගත් metal body design එක මෙම laptop එක ලබා දී තිබෙන අතර තුනී bezel සහිත frame එකක්ද ලබා දී තිබෙනවා.
01001000B 01100101B 01101100B 01101100B 01101111B 00100000B 01010111B 01101111B 01110010B 01101100B 01100100B 00100001B 00000000B#realme new product category has a message for you!
— Madhav Max 5G (@MadhavSheth1) June 9, 2021
Can you decode it & guess the product name that will add up to your #TechLife? pic.twitter.com/PhPcvn0668
දැනට අන්තර්ජාලයට එකතු වී තිබෙන ඡායාරූප අනුව, laptop එකේ යට පැත්තෙන් stereo speakers සඳහා සහය දක්වන ලෙස dual speakers system එකක් දක්නට ලැබෙන අතර, USB Type C charging port එකද ලබාදී තිබෙනවා.
එමෙන්ම මෙය Windows මෙහෙයුම් පද්ධතිය ඔස්සේ බලගැන්වුනු ඇති බව සඳහන් වන අතර, තරමක් මිලෙන් අඩු උපාංගයක් ලෙස නිකුත් වෙනු ඇති.
එමෙන්ම tablet එක පිළිබඳ අවධානය යොමු කිරීමේ දී, එයද Realme brand එක යටතේ නිකුත් වීමට නියමිතයි.
කොහොම වුණත් තවමත් එහි ඡායාරූප අනුමාන කර හෝ අන්තර්ජාලයට එකතු වී නැති නමුත්, ලබන සතියේ පැවැත්වීමට නියමිත Realme GT 5G global launch event එකේදි ඒ පිළිබඳ තොරතුරු සහ ඡායාරූප දැක ගැනීමට හැකියාව ලැබෙනු ඇතැයි අනුමාන කෙරෙනවා.
නමුත් අන්තර්ජාලයේ පළව ඇති poster එකකට අනුව නම්, මෙම Tab එක squared-off design එකක් දක්නට ලැබෙන අතර, පිටුපස camera bump එකේ Dual Camera setup එකක්ද දක්නට හැකියි.
ඉතිං මේ Device දෙකම ගැන සම්පූර්ණ Spec details තවමත් සොයාගන්නට අපහසු වුණත්, අපට නුදුරු දිනකදීම ඒ පිළිබඳව සවිස්තරාත්මකව දැනගන්නට හැකියාව ලැබෙනු ඇති.
ඒ වගේම බොහෝ දෙන විශ්වාස කරන පරිදි, BBK electronic සමාගම විසින් Realme branded, smartphone නොවන වෙනත් electronic device නිකුත් කරනවා වගේම, BBK සතු OnePlus, Oppo වගේ Brand වලිනුත් මෙවැනි ආකාරයේ උපාංග නිකුත් කරාවියැයි අපේක්ෂා කරනවා.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Authority වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.