මීළඟ iPhone 12 ජංගම දුරකතනය එළිදැක්වීමේ event එක ඔක්තෝම්බර් 13 වෙනිදා පැවැත්වීමට ඉඩ ඇති බව MacRumors වෙබ් අඩවිය වාර්තා කරන අතර මෙම iPhone launch එකේදී iPhone 12 mini නමින් සහ iPhone 12 Pro නමින් device 2 ක් ද එළිදැක්වීමට නියමිතව ඇති බවද වාර්තා වෙනවා.
මිලෙන් අඩු iPhone 12 mini device එක අඟල් 5.4 ක screen size එකකින්ද, iPhone 12 device එක අඟල් 6.1 ක screen size එකකින්ද, මිලෙන් අධික iPhone Pro මාදිලිය 6.7 inch screen size එකකින්ද නිකුත් කරනු ඇති බවට වාර්තා වෙනවා.

එමෙන්ම ප්රසිද්ධ Tech leaker කෙනෙකු වන Jon Prosser විසින් සඳහන් කරන ආකාරයට මුල්ම iPhone 12 තොගය දැනටමත් ship කර අවසන් අතර ඒවා October 5 වනදා වන විට බෙදාහරින්නන් වෙත ලඟාවෙනු ඇති.
Apple’s first shipment of final iPhone 12 units is going out to distributers on October 5th
— Jon Prosser (@jon_prosser) September 29, 2020
The shipment includes:
iPhone 12 mini 5.4
(Definitely the final marketing name)
-64/128/256
iPhone 12 6.1
-64/128/256
Event on October 13, as I mentioned before.
මිලෙන් අඩු iPhone 12 මාදිලියේ market name එක 'iPhone 12 mini' ලෙසත්, high-end iPhone 12 මාදිලිය 'iPhone 12 Pro' ලෙසත් හැදින්වෙනු ඇති අතර iPhone 12 Pro මාදිලිය ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වෙන event එකකදී හඳුන්වාදීම සිදුකලද වෙළඳපොලට නිකුත් කිරීම සඳහා නොවැම්බර් මාසය පමණ වනු ඇති බව Prosser විසින් වැඩිදුරටත් සඳහන් කරනවා.
මිලෙන් අඩු iPhone models 64 GB, 128 GB සහ 256 GB යන storage versions වලින් වෙළඳපොළට නිකුත්වනු ඇති අතර iPhone Pro සහ Pro max version වල storage එක 128 GB වලින් ඇරඹෙනු ඇත.
නමුත් තවත් ප්රසිද්ධ tech leaker කෙනෙකු වන L0vetodream විසින් පසුගිය මැයි මාසයේදී පැවසුවේ මිලෙන් අඩු iPhone version එක 64 GB සහ Pro version එක 128 GB යන storage capacity වලින් නිකුත් කරනු ඇති බවයි.
G is general
— 有没有搞措 (@L0vetodream) May 11, 2020
P is professional
In my dream, to target different markets & customers, the basic model of 5.4/6.1 ' iPhone 12 might start with 64 GB
The 6.1/6.7' iPhone 12Pro might start with 128 GB
Jon Prosser විසින් පසුගිය අගෝස්තු මාසයේදී ප්රකාශ කලේ නවතම iPad එක සහ Apple watch එක press release එකක් හරහා හඳුන්වාදෙනු ඇති බව වුවත්, සැප්තැම්බර් 8 වෙනිදා පැවති Apple press release එක අතරතුරදී iPad හෝ Apple watch එක හඳුන්වාදීමක් සිදු වූයේ නැහැ.
කොහොම නමුත් ඊට සතියකට පසු පැවති Apple event එකේදී iPad එක සහ Apple watch එක සම්බන්ධයෙන් ඉදිරිපත් කිරීමක් සිදුකරනු ලැබුවා. එසේම Jon Prosser ප්රකාශ කළ ආකාරයටම නවතම 8th Generation iPad එක සහ මිලෙන් අඩු Apple watch උපාංගය හඳුන්වාදීම ද සිදුවුණා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Macrumors වෙබ් අඩවිය, Forbes වෙබ් අඩවිය සහ GSM Arena වෙබ් අඩවිය භාවිතා කළ හැක.