Apple හා Samsung සමාගම සිය premium flagship device වල ඇතැම් මාදිලි සඳහා දැනටමත් physical sim card සමඟ eSim භාවිතා කිරීමේ පහසුව ද ලබාදී ඇති බව ඔබ දැනටමත් දන්නවා ඇති.

මේ දක්වා කිසිදු සමාගමක් මෙම physical sim card භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමට තීරණය කර නොමැති අතර තවමත් බොහෝ රටවල network providers ලා විසින් eSim සඳහා සහය නොදැක්වීම මීට හේතුව විය හැකි බව අනුමාන කළ හැකියි.

කොහොම වුණත් Apple සමාගම 2023 දී නිකුත් කිරීමට සූදානම් වෙන සිය iPhine 15 Pro මාදිලිය සමගින් physical sim card භාවිතය සම්පූර්ණයෙන්ම නතර කිරීමට සූදානම් වන බවට මේ වන විට තොරතුරු වාර්තා වෙන අතර ඒ අනුව, iPhone 15 Pro සතුව eSim භාවිතා කිරීමේ හැකියාව පමණක් හිමි වනු ඇති.

Apple සමාගම 3.5mm headphone jack එක සිය දුරකථන වලින් වත් කළා හා සමානව ම තවත් port එකක් දුරකථනයෙන් ඉවත්වීම මේ සමඟ සිදු වෙනු ඇති අතර, ඒ අනුව කටකතා සත්‍ය නම්, Sim card slot එක සම්පූර්ණයෙන්ම ඉවත් වූ දුරකථනයක් බවට iPhone 15 Pro දුරකථනය පත්වෙනවා.

සම්පූර්ණයෙන්ම කවුළු රහිත (Portless) දුරකථනයක් නිර්මාණය කිරීම Apple සමාගමේ ඉලක්කය වන අතර ඔවුන්, එම නිසා මෙම Sim card slot එක ඉවත් කිරීම බොහෝ ඉදිරිගාමී පියවරක් වනු ඇති.

ඉතින් තවමත් iPhone 14 හෝ නිකුත් වී නොමැති පසුබිමක් තුළ මෙම පුවතේ ඇති නිරවද්‍යතාවය පිලිබඳ ප්‍රශ්නාර්ථයක් නැගුණත්, මෙම පුවත අනාගත portless iPhone දුරකථනයක් පිළිබඳ බලාපොරොත්තු වලට මඟ පාදනු ඇති.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා GSM Arena වෙබ් අඩවිය සහ Mac Rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.