සුපුරුදු පරිදි Apple සමාගම විසින් ඔවුන්ගේ Worldwide Developers Conference (WWDC) 2022 event එක online live stream event එකක් ලෙස මෙවරත් පවතින කොවිඩ් 19 වසංගත තත්වය හමුවේ CUPERTINO, CALIFORNIA හී apple park එකෙහි සිට පැවැත්වීමට තීරණය කර ඇති අතර, එය පැවැත්වීමට නියමිත දිනයන් නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ වගේම මෙවර invitations ලඳ සීමිත developers ල කිහිපදෙනෙකුට Apple Park මධයස්ථානයේ සිට in-person event එකක් අකාරයෙන් ද මේ සඳහා සහභාවි වීමට අවස්තාව ලබාදී තිබෙනවා.

Apple’s Worldwide Developers Conference returns in its all-online format
Apple today announced it will host its annual Worldwide Developers Conference (WWDC) June 6 through 10, free for all developers in an online format.
මේ අනුව ජුනි මස 6 වැනි දින සිට ජුනි 10 වැනි දින දක්වා සුපුරුදු පරිදි වැඩසටහන් මාලාවක් ලෙස මෙම event එක පැවැත්වෙනු ඇති අතර, සියළුම Apple Developer වරුන් හට Apple සමාගමේ Developer වෙබ් අඩවිය හෝ Developer app එක හරහා මේ සඳහා නොමිලයේ සහභාගී වීමේ හැකියාව පවතිනවා.ශ්‍රි ලංකා වේලාවෙන් රාත්‍රි 10:30 සිට මෙම WWDC 22 live stream එක apple නිළ Youtube නාලිකාව ඔස්සේ ද නැරඹිමේ හැකියාව ලබාදී තිබෙනවා.

WWDC22 හි (Keynote, Platforms, sessions සහ lab schedules වැනි) අතිරේක වැඩසහටහන් වල තොරතුරු සහ තවත් දේ ලබාගැනීම සඳහා ඇපල් සමාගම විසින් Apple Developer App එක download කිරීමට Developers ලාව යොමු කරන අතර මේ පිළිබඳ තොරතුරු නිළ ඇපල් වෙබ් අඩවිය තුලින්ද, ඊ මේල් හරහා ද ඔබට ලබාගැනිමේ අවස්තාව ලබාදී තිබෙනවා.

‎Apple Developer
‎Welcome to Apple Developer, your source for developer stories, news, and educational information — and the best place to experience WWDC. • Stay up to date on the latest technical and community information.• Browse news, features, developer stories, and informative videos.• Catch up on videos fr…
Apple Developer App

Apple සමාගම පෙන්වා දෙන ආකාරයට මිලියන 30ක් පමණ වන ලොව පුරා සිටින Apple developer වරුන් මෙයට සහභාගී වීමට නියමිත වන අතර, මෙහිදී නවතම iOS 16 සංස්කරණයක් නිකුත් කිරිමක් පිලිබඳව ලොව පුරා IOS පරිශීලකයින් බලාපොරොත්තු වන බවට ඉඟි පළකරන අතර මෙහිදි iOS, iPadOS, macOS, watchOS සහ tvOS සඳහා නව සංස්කරණයක් ලබාදීම සම්බන්ධයෙන් දැනගැනීමේ හැකියාව ලැබෙනු ඇති.

WWDC22 Swift Student Challenge
Showcase your love of coding by submitting your Swift Playgrounds app project to the Swift Student Challenge by April 24.

මීට අමතරව සුපුරුදු පරිදි Swift Student Challenge එක ද මේ වන විට ආරම්භ කර ඇති අතර මේ හරහා programming වලට අලුතින් පිවිසෙන්නන් හට තමන්ගේ coding හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට අවස්ථාවක් මෙන්ම, ඒ හරහා ත්‍යාගයන් ලබාගැනීමට ද අවස්ථාවක් ලබාදීමට Apple සමාගම කටයුතු කරනු ලබනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom වෙබ් අඩවිය භාවිතා කළ හැක.