Faster. Better. More focused. Reading.
Did you know that your brain reads faster than your eye? We humans store learned words and so just a few letters are enough to recognize whole words.

මිට දින කිහිපයකට කලින් Spotify හා Minecraft හි UX writer වරයෙකු විසින් bionic-reading නම් tool එකක් පිලිබඳව පළකල twitter පණිවිඩයක් හරහා තාක්ෂණික ලෝකයේ කාගෙත් අවධානයට මෙන්ම කතාබහට ලක්වීමට සමත් වී තිබෙනවා, ඒ මින්පෙර කිසිවෙකු මෙවැනි tool එකක් පිළිබඳව සොයාගෙන නොමැති පසුබිමකයි. මොකක්ද මේ bionic-reading කියන්නේ සරලවම දැනගනිමු.

සාමාන්‍යයෙන් පුද්ගලයෙකු පොතක් කියවීමෙදී මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය ඇස්වලට වඩා වේගවත්ව ක්‍රියාකරන බව විද්‍යාඥයින් විසින් ඔප්පු ක‍ර තිබෙන බවට ඔබ දැනටමත් දන්නවා ඇති, ප්‍රවීන Typographic designer කෙනෙකු මෙන්ම developer වන ස්විට්සර්ලන්ත ජාතික Renato Casutt විසින් bionic-reading Tool එකක් නිර්මාණය කර තිබෙනවා.මෙමගින් වචනවල වඩාත් සංක්ෂිප්ත කොටස් highlight වන පරිදි සකසා පාඨකයා වෙත පෙන්නුම් කරමින් ආදාල වචන වෙත ඇස යොමු කිරිමට සලස්වයි.එමගින් එම වචන ඉක්මනින් කියවිමට මෙන්ම පහසුවෙන් මතකයේ තබාගැනිමට හැකිවන බවට මෙම නිර්මාණය හරහා ප්‍රකාශ කර තිබෙනවා.

Bionic Reading යනු සරලවම කියවීමේ ක්‍රියාවලියට උපකාරි වන කියවීමේ පද්ධතියක් (reading system) එකක් වන අතර මෙමගින් වචනයක අන්තර්ගතය නැතහොත් වචනවල වඩාත් සංක්ෂිප්ත කොටස් දෙස අවධානය යොමු කිරිමට වචනයේ අග highlight කිරිම මගින් ඇස වෙත දිස්වීමට සලස්වයි. මෙහිදි “Fixation”, “Saccade” සහ “Opacity” යන අන්තර් ක්‍රියාකාරි පහසුකම් මගින් පරිශීලකයාට පහසු අකාරයට text එකෙහි typeface එක හැඩගස්වා ගැනීමේ හැකියාව ලැබෙනවා.

ඒ වගේම මෙම පහසුකම මගින් සුපැහැදිලි කියවීමකට අවශය කරන optional tools කිහිපයකින් ද සමන්විත වීම විශේෂත්වයක් වන අතරම Bionic Reading Converter එක මගින් ඔබට ඉතා පහසුවෙන් TXT, RTF, RTFD, EPUB, සහ DOCX ඇතුලු files වර්ග online convert කර ඒ මත මෙම පහසුකම භාවිතා කිරිමේ හැකියාවද ලබාදී තිබෙනවා.

මෙම Bionic Reading පහසුකම මගින් මෙහි නිර්මාපකයින් බලාපොරොත්තු වන්නේ කියවිමේදි වැයවන කාලය අවම කිරිමට හා වචන වේගයෙන් කියවීමට මොළය ප්‍රායෝගිකව හුරු කිරිම මෙන්ම වචන වෙත වැඩි අවධානයක් යොමු කර එම එක් එක් වචන පහසුවෙන් කියවීමට සැලැස්වීම බව Bionic Reading නිළ වෙබ් අඩවිය මඟින් ඔවුන් පෙන්වා දී තිබෙනවා.

දැනට මෙම Bionic Reading පහසුකම iOS devices සඳහා වන Reeder5, Fiery Feeds සහ Lire යන apps ඔස්සේ ලබාගත හැකිය. එසේම chromium web browsers සඳහා ද Bionic Reading Chrome Extension එකක් ලබාදී තිබෙන අතර පහත සබැඳිය මඟින් chrome web store එක හරහා එය ලබාගැනිමේ හැකියාව පවතිනවා.

Bionic Reading
Go to your news pages and activate the BR button. And by the way, you can also export an epub or pdf. Try it out!

මේ වනවිට මෙහි නිර්මාපකයින් විසින් ඉදිරියෙදී තවත් reading apps කිහිපයක් සඳහා මෙම පහසුකම ලබාදීමට කටයුතු ක‍රමින් සිටින අතර මේ සඳහාම Bionic Reading API එකක් ද developers ල වෙනුවෙන් හදුන්වා දී තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ bionic-reading.com වෙබ් අඩවිය සහ weforum.org වෙබ් අඩවිය භාවිතා කළ හැක.