මීට පෙරද නිළ නොලත් ආරංචිමාර්ග වලින් අනාවරණය වූ පරිදි Apple සමාගම ද ඔවුන්ගේම foldable device එකක් පිළිබඳව අත්හදාබැලීම් සිදුකරමින් සිටින බව මීට පෙර අපි ඔබව දැනුවත් කළා මතක ඇති.

Foldable තිරයක් නොමැති නමුත්, foldable device එකක් ලෙස ක්‍රියාත්මක වන නව Apple device එකක් පිළිබඳව තොරතුරු අනාවරණය වෙයි
Foldable, එහෙමත් නැතිනම් නම්‍යශීලී ජංගම දුරකථන යථාර්ථයක් බවට පත් වී මේ වන විටවසර කිහිපයක් ගත වී තිබෙන අතර මෙම ක්ෂේත්‍රයේ වඩාත් ම කියවෙන්නේ Samsung, Huawei හාMotorola යන සමාගම්වල නම් පමණයි. මේ අතර Apple සමාගම ද foldable උපාංගයක් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරමින් පවතින බවටකටකතා පැතිර ගියත්, තවමත් මේ…

කොහොම නමුත් Folding device තරඟයට එකතු වීම සඳහා Apple සමාගම තවමත් කල් ගනිමින් සිටින අතර, නවතම වාර්තා පෙන්වාදෙන පරිදි එය 2023 දක්වා කල් ගොස් තිබෙනවා.

වඩාත් විශ්වාසදායක Apple News විශ්ලේෂකයෙකු වන Kuo Ming Chi විසින් අනාවරණය කරන පරිදි Apple සමාගම විසින් 2023 වර්ෂයේදී අඟල් 8 ක තිරයකින් යුත් Foldable device එකක් නිකුත් කිරීමට සූදානමින් සිටිනවා.

Foldable apple device concept

QHD+ resolution එකකට සහාය දක්වනු ඇති මෙම අඟල් 8 ක තිරය සුපුරුදු ලෙසම Samsung සමාගම විසින් සැපයීම සිදු කරනු ඇති බවට විශ්වාස කෙරෙනවා.

කෙසේ වුවත් Touch sensitivity තාක්ෂණය සඳහා Apple සමාගම විසින් Samsung සමාගමේ proprietary තාක්ෂණයක් වන Y-Octa තාක්ෂණය භාවිතා නොකර ඒ වෙනුවට TPK සමාගම විසින් වැඩිදියුණු කරන ලද වඩා වාසිදායක Silver nanowire තාක්ෂණය භාවිතා කරනු ඇති බවට Kuo Ming Chi විසින් වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.

එමෙන්ම Apple සමාගම සිය Folding device එකෙහි, ඒකක මිලියන 15-20 ත් අතර ප්‍රමාණයක් අලෙවි කිරීමේ ඉලක්කයක් වෙත ගමන් කිරීමට සූදානමින් සිටින බවද සඳහන් වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Gizmochina වෙබ් අඩවිය සහ Mac Rumors වෙබ් අඩවිය භාවිතා කළ හැක.