Apple සමාගම විසින පසුගිය දින කිහිපය තිස්සේ ඔවුන්ගේ iOS මෙහෙයුම් පද්ධතියේ අලුත්ම සංස්කරණය වන iOS 12.1.2 සංස්කරණය ලොව පුරා ඇති iPhone 5S වල සිට iPhone XS Max දක්වා devices වලට නිකුත් කරන්නට කටයුතු කර තිබෙනවා.
මේ update එක හරහා iPhone XR, XS සහ XS Max යන දුරකථන වන eSIM පිළිබඳව තිබූ ගැටළුවක් නිරාකරණය කිරීමට මෙන්ම එම මාදිලි වලම තුර්කිය සඳහා පැවැති mobile data සම්බන්ධතාවය පිළිබඳව වූ ගැටළු කිහිපයකටත් අවශ්‍යය fixes එකතු කර ඇති බව ඔවුන් release note හරහා පෙන්වා දී තිබුණා.
කොහොම නමුත් මේ වන විට උතුරු ඇමරිකාව, දකුණු ඇමරිකාව, යුරෝපය සහ ආසියාව ඇතුළු ලොව පුරා සිටින iPhone භාවිතා කරන්නන් මේ iOS 12.1.2 update එක ලබා ගැනීමෙන් පසුව තම ජංගම දුරකථන වල mobile data සම්බන්ධතාවය අහිමි වී ගිය බවට චෝදනා කරමින් පවතිනවා.
Thanks @Apple @AppleSupport for the Christmas present...since updating my iPhone to iOS 12.1.2 I can't access cellular data. I reset my device and now I can't activate it anymore. No Service. Your better fix this in an update soon! 😡
— Alex (@realalex_6) December 22, 2018
Anyone else lose the ability to use your phone as an actual phone when you upgraded to #iOS 12.1.2 on your #iPhone? What the heck @Apple? I can’t even call @AppleSupport and can’t make a reservation at a #AppleStore until next week!😩
— Brian Mericle (@bpmericle) December 20, 2018
මෙම ප්‍රශ්නයට Apple සමාගම විසින් මේ සඳහා නිළ ප්‍රකාශයක් සිදු කර නොමැති අතර ඔවුන්ගේ නිළ Twitter support සේවාව විසින් ප්‍රකාශ කර ඇත්තේ අදාල device එක restart කර බළන ලෙස වුවත් එයින් මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලැබී නොමැති බවත් වාර්ථා වෙනවා.
කොහොම නමුත් එක් Twitter පරිශීලකයෙකු සඳහන් කර තිබුණේ Network settings reset කිරීමෙන් අනතුරුව එය නැවතත් හොඳින් වැඩ කරනු ලබන බවයි.
Its working for me after i reset the network settings..but it was really pathetic😔😔
— Saransh Khanna (@SaranshKhanna3) December 21, 2018
එමෙන්ම මේ වන විට වාර්ථා වන ආකාරයට iOS 12.1.2 update එකෙහි build කිහිපයක් දින කිහිපයක් තුලදී ලබා දීමටත් ඔවුන් කටයුතු කර තිබෙන අතර මෙම ගැටළු පවතින්නේ මින් කුමන build එකෙහි දැයි තවමත් පැහැදිලි නැහැ.
මේ අතර Apple සමාගම ඔවුන්ගේ මීළඟ update එක වන iOS 12.1.3 වල beta testing ආරම්භ කර තිබෙන නමුත් එය නිකුත් කරන දිනයක් ගැන තවමත් දැනගන්නට ලැබෙන්නේ නැහැ.
Update: 23/12/2018 08:50PM
මේ iOS 12.1.2 update එක iPhone 7 මත දැනටමත් ස්ථාපනය කළ කිහිපදෙනෙකු මේ වන විටත් අප Facebook Page එක හරහා සනාථ කළ පරිදි ඔවුන්ට මේ ආකාරයේ ගැටළුවකට මුහුණ පෑමට සිදු වී නොමැත. ඒ අනුව මේ මගින් ශ්‍රී ලංකාවේ iPhone පරිශීලකයන් හට ගැටළුවක් ඇති නොවන බව උපකල්පනය කළ හැක.
ඉතින් ඔබේ iPhone එකටත් මේ iOS 12.1.2 update එක ශ්‍රී ලංකාවේ මේ තත්ත්වය පිළිබඳව දැනගන්නා තුරු ස්ථාපනය නොකර සිටීම නුවණට හුරු වන අතර ඔබ දැනටමත් මේ update එක ලබාගත් කෙනෙකු නම්, ඒ පිළිබඳව අපේ community එක හරහා අනෙකුත් පරිශීලකයින් දැනුවත් කරන්නට කටයුතු කරන්නට හැකි නම් එය ඔවුන් හට විශාල උදව්වක් වනු ඇත.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Forbes වෙබ් අඩවිය හා Apple Insider වෙබ් අඩවිය භාවිතා කළ හැක.