මේ වනවිට ලොව පුරා මිලියන 88 කට ආසන්න පරිශීලකයින් විසින් භාවිත කරනු ලබන apple music සේවාව සඳහා Apple Music Sing නමින් නව විශේෂාංගයක් හඳුන්වාදීමට apple සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම පහසුකම ඊයේ (06/12/2022) දිනයේ නිළ apple newsroom වෙබ් අඩවිය ඔස්සෙ නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම විසින් මේ පිළිබඳව තහවුරු කර තිබෙනවා.

Apple introduces Apple Music Sing
Apple Music Sing is an exciting new feature that allows users to sing along to their favorite songs with real-time lyrics and adjustable vocals.

ඒ අනුව මේ විශේෂාංගය ඔස්සේ ඔබට Apple Music app එකෙහි දැනට පවතින real-time lyrics පහසුකම සමඟින් music වල ඇති vocals වල volume එක අඩු වැඩි වශයෙන් control කිරිමේ option එකක් ලබා දී තිබෙන අතර මේ හරහා සෘජුවම ඔබේ ගායනය ඔබටම වඩාත් පැහැදිලිව ඇසීමේ හැකියාව ලැබෙනවා.

එමෙන්ම Apple Music Sing පහසුකම මගින් lyric කිහිපයක් එකවර දැක ගැනිමේ හැකියාව ලබා දී තිබෙන අතර මෙමඟින් පරිශීලකයින් හට duets, sing backup ඇතුළු music sing කලහැකි විවිධ අකාරයන් මේ සමගම integrated කිරිමට කටයුතු කරමින් apple සමාගම ඔවුන්ගේ apple music app එක හරහා අසමසම අත්දැකිමක් පරිශීලකයන්ට ලබාදීම කෙරෙහි අවධානය යොමු කර තිබෙන බවට වැඩිදුරටත් තොරතුරු වාර්තා කර තිබෙනවා.

කෙසේ නමුත් මෙම පහසුකම මේ මස අවසානයෙන් පසුව Apple Music subscribersලා  සඳහා පමණක් ලබාදීමට තීරණය කර තිබෙන අතර මේ සඳහා ඕනැම compatible iPhones සහ iPads devices සහය දක්වන බවට වාර්තා වී තිබෙන නමුත් මෙම පහසුකම නවතම Apple TV 4K සඳහා ද ලබාදීමට නියමිත බවට වැඩිදුරටත් තහවුරු වි තිබෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom ​සහ  The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.