දශක දෙකකට ආසන්න කාළසීමාවක් පුරාවට Apple පරිශීලකයන් හට music, movies, TV shows, podcasts භාවිතා කිරීමට සහ තමන්ගේ device එක manage කරගැනීම සඳහා භාවිතා කළ iTunes මෘදුකාංගය ඉවත් කිරීමට Apple සමාගම සූදානම් වන බව මේ වන විට දැනගන්නට ලැබෙනවා.
ඒ වෙනුවට Music, TV, Podcasts වැනි අදාල සේවාවට වෙන වෙනම නිර්මාණය කළ apps හඳුන්වා දෙනු ඇති බවත්, විශේෂයෙන්ම iPhone සහ Apple Watches වැනි devices පරිගණකයක් හෝ වෙනත් device එකක් මත depend නොවී, අදාල device එක තුලින්ම ඊට අදාල කටයුතු සිදු කරගැනීමේ හැකියාවක් ඇති කිරීමට මොවුන් බළාපොරොත්තු වෙනවා.
2001 වර්ෂයේදී Steve Jobs විසින් මේ iTunes සේවාව එළිදක්වමින් කියා සිටියේ සංකීර්ණ applications සරළ ලෙස ඉදිරිපත් කිරීමේ Apple සමාගම සතු හැකියාව iTunes හරහා විදහා දැක්වෙන බව වුවත් 2019 වර්ෂය වන විට iTunes කෙතරම් සංකීර්ණ බවට පත් වී තිබෙනවාද යන්න ඔබ දැනටමත් දන්නවා ඇති.

මේ වන විටත් iTunes Facebook page එක සහ Instagram account එකෙන් සියළුම photos සහ posts ඉවත් කිරීමට Apple සමාගම කටයුතු කර ඇති අතර බොහෝ විට මේ page එක Apple TV සේවාවේ නිළ Facebook Page එක ලෙස වෙනස් කරනු ඇතැයි අනුමාන කෙරෙනවා.

Instagram account එකෙහි Apple TV සේවාව වෙත යන මෙන් දැනටමත් link එකක් පළ කර ඇති නමුත් iTunes Twitter account එක නම් තවමත් පෙර පරිදිම තිබෙන බව දැකගතහැකි වෙනවා.
මීට අමතරව itunes.apple.com ලෙස පැවති URL මේ වන විට music.apple.com ලෙස සහ අදාල සේවාවන්ට අනුව apps.apple.com, podcasts.apple.com, tv.apple.com, movies.apple.com, සහ books.apple.com ලෙස subdomain එක වෙනස් වන බව ද වාර්ථා වෙනවා.
I haven’t seen it reported elsewhere, but as of last weekend all https://t.co/tCyWJ9I1D3 links redirect to https://t.co/c1nzdCWhSp — a likely indicator that the brand is done (the app will be fine for those of us who need it.)
— Craig Hockenberry (@chockenberry) June 2, 2019
හෙට දින පැවැත්වීමට නියමිත WWDC 19 event එක අතරතුර මේ වෙනස්කම් නිළ වශයෙන් එළිදැක්වීමට Apple සමාගම කටයුතු කරනු ඇති අතර ඒ හරහා මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට හැකියාව ලැබෙනු ඇත.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Macrumors වෙබ් අඩවිය, Engadget වෙබ් අඩවිය හා Bloomberg වෙබ් අඩවිය භාවිතා කළ හැක.