AirPower wireless charger එක නිෂ්පාදනය කිරීම අතහැර දැමීමට Apple සමාගම තීරණය කරයි
2017 වර්ෂයේදී Apple සමාගම විසින් ඔවුන්ගේ AirPower කියන wireless charging mat එක එළිදක්වන්නට කටයුතු කළ නමුත් විවිධ තාක්ෂණික දුර්වලතාවයන් හේතුකොටගෙන එය නිෂ්පාදනය කිරීම ප්‍රමාද වෙමින් පැවතුණු බව ඔබ දකින්නට ඇති.
එමෙන්ම මේ වසරේ ජනවාරි මාසය වන විට මේ AirPower charging mat එකේ නිෂ්පාදන කටයුතු ආරම්භ කිරීමට Apple සමාගම කටයුතු කර ඇති බව නිළ නොලත් ආරංචිමාර්ග වලින් අපට දැනගන්නට ලැබුණත්, මේ වන විට මෙම device එක වෙළඳපොලට නිකුත් නොකිරීමට Apple සමාගම තීරණය කර ඇති බව වාර්ථා වෙනවා.
Apple සමාගමේ “high standards”, එහෙමත් නැතිනම් Apple සමාගම බළාපොරොත්තු වන ආකාරයේ උසස් තත්ත්වයට, මේ device එක නොගැලපීම මෙම ව්‍යාපෘතිය අවලංගු කර දැමීමට හේතුව ලෙස Apple සමාගම පෙන්වා දෙනවා.
මේ AirPower නමින් හඳුන්වනු ලබන wireless charging mat එක හරහා iPhone එකක්, Apple Watch එකක් සහ Apple AirPods යුගලයක් යන devices ත්‍රිත්වයම එක වර charge කිරීමේ හැකියාව ලැබෙන බව Apple සමාගම විසින් මීට ඉහතදී පෙන්වා දෙනු ලැබුවත්, මෙය ප්‍රායෝගික භාවිතයේදී මුහුණපෑමට සිදුවන ප්‍රමාණය ඉක්මවා රත්වීම වැනි ගැටළු මතු වූ බව මීට ඉහත කිහිප විටකදී වාර්ථා වුණා.
Always worth reading @gruber’s show recaps. The AirPower situation is real - heat is a problem and it was shown off too early. Sometimes Apple does this and eng rises to the challenge and delivers. Sometimes, physics. https://t.co/2YNlpPO1qO
— Matthew Panzarino (@panzer) September 16, 2018
කොහොම වුණත් මෙම device එක වෙනුවෙන් බළාපොරොත්තු තබාගෙන සිටි Apple පාරිභෝගිකයන්ගෙන් ඒ වෙනුවෙන් සමාව ඉල්ලා සිටින Apple සමාගම, අනාගතයේදී wireless තාක්ෂණය භාවිතා කිරීමට තවදුරටත් පරීක්ෂණ සිදු කරගෙන යාමට කටයුතු කරනු ලබන බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා Tech Crunch වෙබ් අඩවිය හා The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.