Google සමාගමේ වසරේ දැවැන්තම event එක වූ Google I/O event එක අවලංගු කිරීමට තීරණය කළ බව අපි ඔබව මීට පෙර දැනුවත් කළා මතක ඇති.

Google සමාගමේ වසරේ දැවැන්තම event එක වූ Google I/O event එක අවලංගු කිරීමට තීරණය කරයි
Google සමාගමේ විශාලතම තාක්ෂණික event එක වන Google I/O event එක Mountain View වල Shoreline Amphitheatre [http://www.mountainviewamphitheater.com/] හි දීපැවැත්වීමට සැළසුම් කර තිබුණත්, එම event එක අවලංගු කිරීමට තීරණය කර ඇති බව මේ වනවිට Google සමාගම ප්‍රකාශ කරනවා. මීට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ ල…

ඔන්න දැන් Apple සමාගමත් ඔවුන්ගේ Worldwide Developers Conference, එහෙමත් නැතිනම් WWDC event එක online event එකක් ලෙස පමණක් පැවැත්වීමට තීරණය කර ඇති බව නිවේදනය කර තිබෙනවා.

මීළඟ ජුනි මාසයේ දිනයකදී පැවැත්වීමට නියමිත කර ඇති මේ event එක “completely new online experience”, එහෙමත් නැතිනම් අලුත්ම අලුත් විදිහේ online අත්දැකීමක් ලබාදෙනු ඇති බව Apple සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

Apple’s WWDC 2020 kicks off in June with an all-new online format
Apple today announced it will host its 31st annual Worldwide Developers Conference in June.

මෙම event එක සාමාන්‍යයෙන් ඇමෙරිකාවේ Califonia ප්‍රාන්තයේ San Jose වල පැවැත්වෙන අතර මේ වසරේදී මේ event එක එහි නොපැවැත්වීම නිසාවෙන් ඒ ආශ්‍රිතව ව්‍යාපාර සිදු කරන්නන් හට උපකාර  කිරීම සඳහා ඇමෙරිකානු ඩොළර් මිලියනයක මුදලක් වෙන් කිරීමට ද ඔවුන් තීරණය කර තිබෙනවා.

සාමාන්‍යයෙන් මේ WWDC event එක iOS එකේ, macOS එකේ, tvOS එකේ සහ watchOS එකේ මීළඟ සංස්කරණ පිළිබඳව තොරතුරු අනාවරණය කරමින් ආරම්භ කරනු ලබන අතර මීළඟ සතියක පමණ කාලසීමාව පුරාවට මේ platform සඳහා apps develop කරන්නන් හට විවිධ ආකාරයේ sessions පැවැත්වීමට කටයුතු කරනු ලබනවා.

මේ වන විට Google සමාගම ඔවුන්ගේ Google I/O event එකත්, Facebook සමාගම ඔවුන්ගේ F8 event එකත්, Microsoft සමාගම ඔවුන්ගේ Build event එකත්, E3 සහ SXSW යන gaming events මෙන්ම Mobile World Congress එක ඇතුළු විශාල event රාශියක් මේ coronavirus එක නිසාවෙන් අවලංගු කිරීමට කටයුතු කර තිබෙනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Apple Newsroom එක, The Verge වෙබ් අඩවිය හා Tech Crunch වෙබ් අඩවිය භාවිතා කළ හැක.