Sony සමාගමේ PlayStation Network එක down වීම නිසාවෙන් games කිහිපයක් අකර්මන්යය වී ඇති බව වාර්තා වෙයි
Engadget web අඩවියට අනුව Sony PS4 සහ PS5 හිමිකරුවන් හට ඇතැම් games launch කිරීමේදී හා online play කරන අවස්ථාවේ බලපෑමක් සිදුවී ඇති බව වාර්තා වේ.
මෙම සිදුවීම සිදුවී ඇත්තේ Xbox Live සේවාව down වී හරියටම පැය 24 කට පසුව වීම විශේෂත්වයකි.
Playstation network එක ඇනහිටීම පැය ගණනාවක් පැවතී ඇති නමුත් වාර්තා වන අන්දමට මෙහි බලපෑම සිදුවී ඇත්තේ games කීපයකට පමණි. Sony PSN status page එක සඳහන් කර ඇති ආකාරයට අනුව games, apps, network features launch කිරීමේදී මෙම තත්වය ඇතිවිය හැකි බව ඔවුන් පෙන්වා දෙනවා.
PSA for PlayStation #DontStarveTogether players.
— Klei (@klei) February 26, 2021
It appears that PSN is experiencing an outage / issues. More details can be found at the following links. We're monitoring the issue on our end. https://t.co/8upjg4tsPthttps://t.co/9aBuXop2xD
ඇතැම් gamers ලා හට Call of Duty: Warzone Minecraft online play කිරීමට උත්සාහ කරන විට බාධවක් ඇතිවී ඇති බව වාර්තා වන නමුත් Fortnite වැනි ක්රීඩා සඳහා මෙවැනි බාධාවක් ඇතිවී නොමැත.
Playstation service status page එකට අනුව මෙම තත්වය ඇතිවීම ආරම්භ වී ඇත්තේ ශ්රී ලංකා වේලාවෙන් අද උදෑසන 5ට පමණ වන නමුත් online games play කරන්නන් විසින් ඊට පැය කිහිපයකට පෙර PlayStation network එකෙහි ප්රශ්නයක් ඇතිබව නිරීක්ෂණය කර තිබෙනවා. DownDetector web අඩවියට අනුව ශ්රී ලංකා වේලාවෙන් සෙනසුරාදා දින රාත්රී 11:30 ට පමණ මෙම තත්වය ඇරඹි ඇත.
මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Engagetවෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.