ශ්රී ලංකාවේ වේලාවෙන් අද උදෑසන 6:46 AM සිට 8.10 AM පමණ දක්වා YouTube වෙබ් අඩවිය සහ mobile application එක ක්රියාවිරහිත වුවා.
මේ තරම් කාලසීමාවක් තිස්සේ YouTube ක්රියාවිරහිත වීමක් මිට පෙර සිදු නොවූ බව බොහෝ දෙනා අදහස් පලකර තිබෙනවා.

ඉහත සඳහන් කළ ක්රියාවිරහිත වී තිබූ කාල සීමාව තුලදී YouTube වෙබ් අඩවිය හා app එක මේ ආකාරයට දර්ශනය වූ අතර YouTube, YouTube TV, සහ YouTube Music යන සියළුම සේවාවන් මේ ආකාරයට ක්රියා විරහිත වූ බව දැනගන්නට ලැබෙනවා.
Thanks for your reports about YouTube, YouTube TV and YouTube Music access issues. We're working on resolving this and will let you know once fixed. We apologize for any inconvenience this may cause and will keep you updated.
— Team YouTube (@TeamYouTube) October 17, 2018
මිට අමතරව ඉතා ජනප්රිය තාක්ෂණික මෙවලම් ගැන වන Marquez Brownlee YouTube චැනලයේ හිමිකරුද පවසා තිබෙන්නේ මේ තරම් දීර්ඝ කාලසීමාවක් තිස්සේ YouTube බිදවැටීමක් සිදුවනු මින් පෙර නොදැක ඇති බවයි.
Never seen YouTube down for 30+ minutes like this before 👀
— Marques Brownlee (@MKBHD) October 17, 2018
මිට පෙර අවස්ථා 3 කදී YouTube ක්රියාවිරහිත වුවත් ඒවා ඉතාමත් සුළු වේලාවකදී යථාතත්වයට පත් කිරීමට ඔවුන් කටයුතු කරනු ලැබූ අතර ඒ පිළිවෙලින් ඔක්තෝබර් 12, සැප්තැම්බර් 19 සහ සැප්තැම්බර් 14 විය.
මෙම අවස්ථාවේ ලොව පුරා මේ ආකාරයේ ක්රියාවිරහිත වීම් 6,123 ක් පමණ වාර්ථා වූ බව downdetector.com වෙබ් අඩවියේ සදහන් වේ.

කොහොම වුණත් මේ වන විට මීට අදාල දෝෂය නිරාකරණය කිරීමට YouTube සමාගම කටයුතු කර තිබෙන බව තම Twitter ගිණුම හරහා නිළ වශයෙන් පණිවිඩයක් නිකුත් කරමින් ප්රකාශ කර සිටිනවා.
We're back! Thanks for all of your patience. If you continue to experience issues, please let us know. https://t.co/NVU5GP7Sy6
— Team YouTube (@TeamYouTube) October 17, 2018
මේ ගැන වැඩි විස්තර දැනගැනීම සඳහා theverge වෙබ් අඩවිය, downdetector වෙබ් අඩවිය සහ YouTube නිළ Twitter ගිණුම භාවිතා කළ හැක.