YouTube Music Premium සහ YouTube Premium සහ YouTube Premium හි Premium subscriptions භාවිතා කිරිමට හැකි රටවල් ප්‍රමාණය YouTube සමාගම විසින් ක්‍රමයෙන් වැඩි කිරීමට මේ වන විට Google සමාගම කටයුතු කර තිබෙනවා.

මෙම වර්ෂයේ මාර්තු මාසයේදිත් Premium subscriptions නිළ වශයෙන් භාවිතා කිරිමට හැකි රටවල් කිහිපයක් එකතු කිරීමට මොවුන් කටයුතු කළ අතර මේ වන වි‍‍ට තවත් රටවල් 14කට මේ සේවාවන් භාවිතා කිරීමේ හැකියාව ලබාදී තිබෙනවා.

YouTube Premium සහ YouTube Music Premium භාවිතා කල හැකි අලුතින් එක් වු රටවල් කිහිපය පහතින් දක්වා ඇත.

  • American Samoa
  • Aruba
  • Belarus
  • Bermuda
  • Cayman Islands
  • Egypt
  • French Guyana
  • French Polynesia
  • Guadeloupe
  • Guam
  • Northern Mariana Islands
  • Papua New Guinea
  • Puerto Rico
  • U.S. Virgin Islands

ඔබ මේ ඉහත සඳහන් කර ඇති රටක ජීවත් වන්නේ නම් YouTube Music Premium සහ YouTube Premium භාවිතා කිරීමට මේ වන විට නිළ වශයෙන් හැකියාව ලැබි ඇති අතර මෙම අලුතින් එක් වු රටවල් සමඟ මේ වන විට YouTube Music Premium සහ YouTube Premium සේවාවන් රටවල් සහ කලාප 95 ක් දක්වා ලබා දිමට YouTube සමාගම කටයුතු කර ඇත.

YouTube Music - Stream Songs & Music Videos - Apps on Google Play
YouTube Music is a new music app that allows you to easily find what you’re looking for and discover new music. Get playlists and recommendations served to you based on your context, tastes, and what’s trending around you. A new music streaming service from YouTube● This is a completely reimagined…
YouTube - Apps on Google Play
Get the official YouTube app for Android phones and tablets. See what the world is watching -- from the hottest music videos to what’s trending in gaming, entertainment, news, and more. Subscribe to channels you love, share with friends, and watch on any device. With a new design, you can have fun …
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Google වෙබ් අඩවිය, Android police වෙබ් අඩවිය සහ XDA-Developers වෙබ් අඩවිය භාවිතා කළ හැක