Microsoft සමාගම විසින් Windows 10 පදනම් කර ගෙන නිර්මාණය කරන ලද Your Phone App එක ඔස්සේ ඕනෑම Android හෝ iOS එකක් ඔබේ පරිගණකයට සම්බන්ධ කිරීමේ හැකියාව ලබා දෙන අතර ඒ හරහා ඔබේ ජංගම දුරකථනයේ ඇති photos නැරඹීම, SMS යැවීම, දුරකථන ඇමතුමක් ලබා ගැනීම වැනි කාර්යයන් පරිගණකය ඔස්සේ සිදුකිරීමට ඉඩ ලබාදෙනවා.
මෑතකදී මෙම app එක සඳහා screen mirror පහසුකම ද එකතු කළ අතර නවතම තොරතුරු මඟින් හෙළිවන ආකාරයට දැන් මෙම app එක ඔස්සේ ජංගම දුරකථනයේ ඇති apps කිසිදු ගැටලුවකින් තොරව ඔබේ පරිගණකය ඔස්සේ භාවිතා කිරීමටද හැකියාව ලැබෙන බව වාර්තා වෙනවා.
We are excited to announce that the Apps feature is now rolled out to everyone with supported devices (It may take up to 48hrs. to show up). It allows you to instantly access your Android phone’s mobile apps directly from your Windows 10 PC. Learn more: https://t.co/vASs8SCCVW pic.twitter.com/xUOaMmfALU
— Microsoft Your Phone (@MSYourPhone) September 15, 2020
Your Phone app එකේ නවතම update එක හරහා මෙම පහසුකම ලබාදීමට Microsoft සමාගම කටයුතු කර තිබෙන අතර ජංගම දුරකථනය හා පරිගණකය මෙම app එක හරහා සම්බන්ධ කල පසු ඔබ සම්බන්ධ වී ඇති දුරකථන මාදිලිය ඔබේ පරිගණකයේ වම් පසත් දුරකථනයේ ඇති app සියල්ල දකුණු පසත් පෙන්වනු ලබනවා.
එම app එකක් මත click කිරීමෙන් එය පරිගණක තිරය මත popup වන අතර අවශ්‍ය නම් ඔබ කැමති වෙනත් app එකක්, right click කර pin to taskbar යන විධානය ලබාදීම හරහා taskbar එකට pin කර භාවිතා කිරීමට හැකියාව තිබෙනවා.
කොහොම නමුත් දැනට ඔබට එක් වරකදී භාවිතා කළ හැක්කේ එක app එකක් පමණක් වන අතර එය app කීපයක් දක්වා වැඩිදියුණු කිරීමට Microsoft සමාගම සූදානමින් සිටිනවා.
අනෙක් කරුණ නම් අවාසනාවට මෙම පහසුකම දැනට භාවිතා කළ හැක්කේ Samsung S හා A series වලට අදාල දුරකථන මාදිලි හා Microsoft Surface Duo සඳහා පමණක් වන අතර මෙම link එක වෙත පිවිසීමෙන් එම මාදිලි ලැයිස්තුව මොනවාද යන්න ඔබට දැක ගත හැකි වනු ඇති.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Microsoft වෙබ් අඩවිය, GSM Arena වෙබ් අඩවිය සහ Android Authority වෙබ් අඩවිය භාවිතා කළ හැක.