Xiaomi සමාගම විසින් අද ඔවුන්ගේ නවතම wireless charging තාක්‍ෂණය නිළ වශයෙන් නිවේදනය කිරීමට කටයුතු කළ අතර එය 80W ලෙස ශ්‍රේණිගත කර තිබෙනවා.

Xiaomi සමාගම දැනටමත් wireless charging හරහා 50W දක්වා charging speed එකක් ලබාදීමට සමත් වී ඇති අතර, 50W charging speed එකකින් ඔබ්බට ගොස් මේ වනවිට 80W charging speed එකක් සහිත නව wireless charging තාක්ෂණයක් හඳුන්වාදීම මගින් 4,000mAh battery එකක් සහිත smartphone එකක් මිනිත්තු 19 ක් ඇතුළත සම්පූ‍ර්ණයෙන්ම ආරෝපණය කිරීමට Xiaomi සමාගමට හැකියාව ලැබී තිබෙනවා.

නිළ ප්‍රකාශයට අනුව, නව 80W wireless charging තාක්ෂණය හරහා මිනිත්තු 19 කින් 4,000mAh battery එකක් සහිත උපාංගයක් සම්පූර්ණයෙන්ම ආරෝපණය කළ හැකි මෙන්ම, එය 0% සිට 50% දක්වා ආරෝපණය කිරීමට ගතවන්නේ මිනිත්තු 8 ක් වැනි කාලයක් බවත් Xiaomi සමාගම විසින් වැඩිදුරටත් පෙන්වාදෙනවා.

මෙම නව 80W wireless fast charging තාක්‍ෂණය විදහා දැක්වීමට Xiaomi සමාගම විසින් කුමන උපාංගය ලබා දෙනු ඇත්දැයි තවමත් තොරතුරක් වාර්තා වන්නේ නොමැති අතර නුදුරු අනාගතයේදී සමාගම විසින් ඒ පිළිබඳව ප්‍රකාශයට පත් කරනු ඇතැයි අපේක්ෂා කළ හැකිය.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Xiaomi blog අඩවිය, GizmoChina වෙබ් අඩවිය සහ mysmartprice වෙබ් අඩවිය භාවිතා කළ හැක.