Liftoff ආයතනය විසින් කරනු ලැබූ සමීක්ෂණයකට අනුව කාන්තාවන් පිරිමින් ට වඩා mobile games වෙනුවෙන් මුදල් වියදම් කිරීමේ ප්‍රවණතාවය 79% ක් බව වාර්ථා වී තිබෙනවා.

මෙම සමීක්ෂණය සඳහා ප්‍රසිද්ධ apps 350ක් පමණ යොදාගෙන ඇති අතර 2017 ජුනි 1 වනදා සිට 2018 වර්ෂයේ මැයි මස 31 වනදා දක්වා සිදු කළ impressions බිලියන 46.7ක දත්ත මේ සඳහා භාවිතා කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා. මේ අනුව app එකක් install කරන සෑම කාන්තාවන් 100 දෙනෙකුගෙන් ම 16 දෙනෙකු පමණ in-app purchase එකක් කිරීමට පෙළඹෙන බව ඔවුන් පෙන්වා දෙනවා.

බොහෝ වෙලාවට මොවුන් වැඩි ඇල්මක් දක්වන්නේ puzzle games සඳහා වන අතර කාන්තාවන් ඉලක්ක කරගෙන mobile games නිර්මාණය කිරීමෙන් සාමාන්‍යය games වලට වඩා වැඩි ආදායමක් ලබාගතහැකි බව ඔවුන් වැඩි දුරටත් පෙන්වා දෙනවා.

මේ අතරින් iOS භාවිතා කරනු ලබන කාන්තාවන් මිළදීගැනීම් වලට හුරු කිරීමට වැඩි වියදමක් දරන්නට සිදු වුවත්, අදාල හුරු කිරීමෙන් පසුව ඔවුන් Android භාවිතා කරනු ලබන කාන්තාවන්ටත් වඩා වැඩියෙන් මුදල් වියදම් කිරීමට පෙළඹෙන බවත් Liftoff සමාගම වාර්ථා කරනවා.

iOS වල තත්ත්වය එසේ වුවත්, එක් දිනක් ඇතුලත Android devices මිලියන 1.5ක් පමණ අළුතින් එකතු වන බැවින්, එහිදී ඉලක්ක කළ හැකි කාන්තාවන්ගේ ගණන ඉතාම ඉහළ බවත් මොවුන් පෙන්වා දෙන අතර මේ හේතුව නිසාවෙන් මෙම platform දෙකටම game එකක් නිකුත් කිරීමෙන් වඩාත් හොඳ තත්ත්වයේ ආදායමක් ලබා ගතහැකි බව ඔවුන් පෙන්වා දෙනවා.