ප්‍රශ්නය

සමහර වෙලාවට ඔයා Techie app එකේ Push notification පහසුකම enable කරලා තිබුණත්, app එක close කරලා තියන වෙලාවට notification ලැබෙන්නේ නැති ගැටළුවක් තිබෙන්න පුළුවන්.

මේ ප්‍රශ්නය stock Android OS එක භාවිතා කරන අයට ගොඩක් වෙලාවට නැති වුණත්, Huawei, Xiaomi, Oppo, Vivo වගේ ගොඩක් modify කරපු Android සංස්කරණයක් තිබෙන ජංගම දුරකථන වල නිතරම දකින්නට ලැබෙන ගැටලුවක්.

කොහොමද මේක fix කරගන්නේ?

ඔයා භාවිතා කරන ජංගම දුරකථනයේ වර්ගය අනුව මේක විසඳන්න කරන්න තියන දේ ටිකක් ‍වෙනස් වෙනවා. ඉතින් ඔයාගේ ජංගම දුරකථනයට ගැලපෙන උපදෙස් මාලාව තෝරගෙන ඒ පියවර අනුගමනය කිරීම මගින් මේ ගැටලුව විසඳගන්න හැකියාව තිබෙනවා.

සැළකිය යුතුයි:
පහත සඳහන් කර තිබෙන උපදෙස් අදාල brand එකට ගැලපෙන විදිහට සඳහන් කර තිබුණත්, ඒ brand එකෙත් ඔයා භාවිතා කරන phone model එකට අනුව පොඩි පොඩි වෙනස්කම් තිබෙන්න පුළුවන්.

  • Xiaomi
    Security -> Permissions -> Autostart කියන options හරහා ගිහින්, Techie app එක enable කරන්න.
  • OnePlus
    Settings -> Apps -> හරහා ‍ගොස් එහි තිබෙන gear icon එක මත tap කර Apps Auto-launch කියන option එක හරහා Techie App එක enable කරන්න.
  • Oppo
    Security Center -> Privacy Permissions -> Startup Manage හරහා ගොස් Techie app එකට start-up in the background කියන option එක ලබා දෙන්න.
  • Vivo
    i Manager -> App Manager -> Autostart manager හරහා ගොස් Techie app එක auto-start in the background option එක ලබා දෙන්න.
  • Lenovo
    Settings -> Power Manager -> Background app management හරහා ‍ගොස් Techie App එක ඉදිරියෙන් ඇති Allow auto start option එක enable කරන්න.
  • Huawei
    Settings -> Advanced Settings -> Battery Manager -> Protected Apps හරහා ගොස් Techie App එක ඉදිරියෙන් ඇති option එක enable කරන්න.

මීට අමතරව Android (6.0+) Marshmallow වලින් පසු බොහෝ devices වල තිබෙන Doze mode එක හරහා මේ notification පහසුකම limit වන අතර මේ limitation එක ඉවත් කිරීම සඳහා Settings -> Battery -> Battery Optimization හරහා ගොස්, Techie App එක battery optimization වලින් ඉවත් කළ යුතු වෙනවා.


ඒ වගේම ඔබ Telegram භාවිතා කරන්නේ නම්, අපගේ TechNews.LK Telegram Channel එක හරහා push notifications ලබාගැනීමටත්, අලුත්ම Instant View පහසුකම හරහා ඉතාමත් පහසුවෙන් ලිපි කියවීමටත් හැකියාව තිබෙනවා.

මේ හැමදේම කරලත්, තවමත් ඔයාගේ ගැටලුවට විසඳුමක් ලැබුණේ නැතිනම්, [email protected] කියන අපේ email address එකට ඔයාගේ ගැටලුව එවන්න පසුබට වෙන්න එපා. Techie Team එක ඕනම වෙලාවක ඔයාගේ සහායට ඉදිරිපත් වෙන්න බලාගෙන ඉන්නවා.