Meta සමාගමේ WhatsApp සේවාවට මෑතකදී නව විශේෂාංග රාශියක් එකතු කිරීමට කටයුතු කරමින් සිටින නමුත්, නුදුරු අනාගතයේදීම පැරණි iPhone මාදිලි කිහිපයකට මෙම සේවාව භාවිතා කිරීමේ හැකියාව අහිමි වී යෑමට නියමිතව තිබෙනවා.

WhatsApp වල නවතම beta version වල මේ පිළිබඳව පරිශීලකයින් දැනුවත් කිරීම සඳහා alert එකක් පෙන්වීමට කටයුතු කරන බව WABetaInfo වෙබ් අඩවිය වාර්ථා කරනවා.

මේ අනුව 2025 වර්ෂයේ මැයි මස 5 වැනි දින සිට iOS 15.1 සංස්කරණය හා ඊට පෙර සංස්කරණ භාවිතා වන iPhone වලට සහාය දැක්වීම නවත්වාදැමීමට WhatsApp ආයතනය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, iPhone 5s, iPhone 6 සහ iPhone 6 Plus පරිශීලකයින් හට මෙලෙස ලබන වසරේ මැයි මාසයෙන් පසුව WhatsApp සේවාව භාවිතා කිරීමේ හැකියාව නොලැබී යෑමට නියමිතව තිබෙනවා.

ඉහත ප්‍රවෘත්තියට අදාලව ගතහොත්  iPad Air, iPad mini 2 සහ iPad mini 3 යන මාදිලි වලටද ලබන වසරේදී WhatsApp භාවිතා කිරීමේ හැකියාව අහිමි වනු ඇති.

මේ දක්වා WhatsApp සහා නිළ iPad app එකක් සාමාන්‍යය පරිශීලකයින් හට නිකුත් කිරීමට කටයුතු කර නොතිබුණත්, නිළ WhatsApp iPad app එකේ beta සංස්කරණයක්‍ තෝරාගත් පිරිසකට පමණක් නිකුත් කිරීමට ඔවුන් කටයුතු කර තිබෙනවා. මෙම beta සංස්කරණය භාවිතා කිරීම සඳහා iPadOS 12 හෝ ඊට පසු සංස්කරණයක් අවශ්‍යය වෙනවා.

කෙසේ නමුත් Apple සමාගමේ සංඛ්‍යාලේඛන වලට අනුව iOS 16 වලට පෙර සංස්කරණයක් භාවිතා කරන්නේ සමස්ථ iPhone වලින් 9%ක පමණ ප්‍රමාණයක් බව සනාථ වෙනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා WABetainfo වෙබ් අඩවිය සහ 9to5macවෙබ් අඩවිය භාවිතා කළ හැක.