ඔයාලා දන්නවා ඇති Facebook එකේ F8 developers conference එක ඊයේ ඒ කියන්නේ 2018 මැයි 1 වෙනිදා පැවැත්වුණා. Facebook dating, Instagram, Messenger ඇතුළු ගොඩක් දේවල් ගැන මේ conference එකේදී කතා කලා. ඒ අතරින් එක දෙයක් තමයි මේ WhatsApp එකට අළුතින් එකතු වෙන Stickers සහ Group video calls කියන්නේ.

WhatsApp එකේ director, Mubarik Imam කියන විදිහට, මේ අළුත් features මීළඟ මාස කිහිපය ඇතුලත ලැබෙනවා ලු. කොහොම වුණත් මේ group video call පහසුකම වැඩ කරන්නේ කොහොමද කියලා තාමත් වැඩිදුර පැහැදිලි කරලා නැති වුණත් video එකේ පේන විදිහට 4 දෙනෙකුට එක් වර video call එකක් ගන්න පුළුවන් බවක් දකින්න පුළුවන්.

කලින් වතාවක XDA එකෙන් සඳහන් කරලා තිබුණත් බිලියනයක පමණ daily users ලා ඉන්නවා කියලා, Imam කියන විදිහට WhatsApp එකට ඉන්නේ daily active users ලා මිලියන 450 ක් පමණයි. නමුත් Video සහ audio calls විනාඩි බිලියන දෙකක් පමණ දවසකට බාවිතා වෙනවා ලු.

අපි හැමෝම දන්න විදිහට මේ වෙනකොටත් Viber, WeChat, Messenger වගේ අනකෙුත් messaging apps වල stickers තියනවා. මේ පහසුකම ලබා දෙනවාට අමතරව, තවත් third-party developers ලා ට මේ stickers design කරන්න පහසුකට ලබා දෙන්නත් WhatsApp සමාගම තීරණය කරලා තියනවා.

ඒ වගේම ඔන්න WhatsApp එක හෙමින් හෙමින් business වලටත් join වෙන බවක් පේන්න තියනවා. මේ අවුරුද්දේ මුල එයාලා WhatsApp For Business on Android එක launch කලා. මේ වෙනකොත් ඒක නොමිලේ තමයි ලබා දෙන්නේ. නමුත් ලොකු ලොකු brands වලට නුදුරු අනාගතේදීම එයාලාගේ customers ලා reach කරන්න පහසුකම ලබා දීලා මුදල් අය කරන්න පටන්ගනිවි කියලා හිතන්න පුළුවන්.