Wear OS කියල කියන්නෙ Google සමාගම විසින් smartwatch සහ අනෙකුත් wearable devices වලට හදුන්වා දුන් Android පාදක කරගත් Operating System එකක්.
පසුගිය මාසයේ මුල Google සමාගම විසින් ඔවුන්ගේ Wear OS එකට අලුත් පෙනුමක් එකතු කිරීම ගැන නිවේදනයක් නිකුත් කරන්නට කටයුතු කල අතර මේ වන විට එම වෙනස්කම් අලුත් update එකක් හරහා භාවිතා කරන්නන් හට නිකුත් කරන්නට ඔවුන් කටයුතු කර තිබෙනවා.
Busy day? Every minute matters. The new #WearOSbyGoogle design gives you a helping hand when you need it most, convenient access to your notifications, #GoogleFit, and more. Rolling out now: https://t.co/UldqISuWdH pic.twitter.com/dvGlhxQIQg
— Wear OS by Google (@WearOSbyGoogle) September 28, 2018
මෙම වෙනස්කම් වල ප්‍රධාන අරමුණ වී තිබුණේ මේ Smart Wear devices භාවිතා කරන්නන් හට නිතරම අවශ්‍යය වන දේවල් ඉක්මණින්ම ලබාගැනීමට හැකියාව ලබාදීමයි. දැන් notifications පෙන්වීමේදී ඒ සඳහා සම්පූර්ණ තිරයම භාවිතා නොකරන අතර දකුණට swipe කිරීමේදී health data පෙන්වීමට කටයුතු කරනු ලබනවා. එමෙන්ම ප්‍රධාන screen එකේ සිට වමට swipe කිරීමෙන් Google Assistant භාවිතා කිරීමට අවස්ථාව ලැබෙනවා.
මීට අමතරව Quick Settings වල වැඩිදියුණු කිරීමක් මෙන්ම Google Pay සහ Find My Phone වලට shortcut ද මේ අලුත් සංස්කරණයට එකතු කර තිබෙනවා.
මේ අලුත් update එක සැප්තැම්බර් මාසයේ ලබා දීමට Google සමාගම කටයුතු සූදානම් කර ඇතත් මේ වන විටත් ඉතාමත් අතලොස්සකට මෙය ලබා දීමට Google සමාගම කටයුතු කර තිබෙනවා. එමෙන්ම මෙම මාසය තුලදී මේ අලුත් design එක රැගත් update එක සෑම භාවිතා කරන්නෙකුටම ලබා දීමට Google සමාගම කටයුතු කරනු ලබනවා.

කොහොම නමුත් Android Wear OS 2.0 එක දැනට ලැබී නොමැති LG G Watch, Samsung Gear Live, original Moto 360 වැනි devices සඳහා මේ 2.1 සංස්කරණය ලබා දීමට කටයුතු නොකරන බව ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කරනවා.
Androidpolice වෙබ් අඩවියෙන් සහ xda-developers වෙබ් අඩවියෙන් මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්න අවස්ථාව තිබෙනවා.