ජංගම දුරකථන සඳහා දැනට තිබෙන මෙහෙයුම් පද්ධති වලින් බොහෝ දෙනා Android සහ iOS ගැන දැන සිටියත්, Firefox OS, Sailfish OS, Ubuntu Touch වගේ තවත් operating system බොහෝමයක් තිබෙනවා.
මේ අතරින් Ubuntu Touch කියන්නේ අපි බොහෝ දෙනෙක් දන්න Ubuntu operating system එකේම mobile version එකක්. ඒත් අපිට මේ OS එක smart phone market එකේ තියෙනවා දකින්න ලැබෙන්නෙ නැති තරම්.
කොහොම නමුත් ඔන්න දැන් වෙළඳපොලට නිකුත් කිරීමට නියමිත Open Source Smart Phone එකක් වන PinePhone එකට බොහෝමයක් Linux පාදක කරගත් Smartphone Operating system වගේම මේ Ubuntu Touch operating එකක් සහාය දක්වන ලෙස සකස් කිරීමට සමත් වෙලා තියෙනවා.
Some performance improvement later and Lima and unity8 is really staring to become buttery smooth! #PinePhone #UbubtuTouch @thepine64 @UBports pic.twitter.com/nHVX89lkNr
— Marius Gripsgard (@Mariogrip) October 5, 2019
Pine64 සමාගම විසින් නිශ්පාදනය කරනු ලබන PINEPHONE නමින් හැඳින්වෙන මේ smartphone එක මූලිකව prototype එකක් ලෙස developersලා හට ලබා දීමට තීරණය කර ඇති අතර එහි මිල $149.99, එනම් ආසන්න වශයෙන් රුපියල් 27,000ක මිලකට මිල නියම කොට තියෙනවා.
#UbuntuTouch running on the real #PinePhone!!!!! :D :D Video coming up later :D And it's damn smooth!! pic.twitter.com/Zce7e8M6E4
— Marius Gripsgard (@Mariogrip) October 3, 2019
මේ ජංගම දුරකථනය සඳහා KDE Plasma Mobile, Sailfish OS, Maemo වැනි අනෙකුත් Linux පාදක කරගත් operating system ගණනාවක සහාය ද ලබාදීමට කටයුතු කරනු ලබන බව වාර්ථා වන අතර, ගෙවන මුදලට ඉතාමත් සිත්ගන්නාසුළු hardware specification එකක් ද මෙයට අන්තර්ගත වෙනවා.

මෙම වසර අවසාන වන විට මෙහි පළමුවැනි devices batch එක නිකුත් කිරීමට සූදානමින් සිටින අතර, මේ වන විටත් ඔවුන්ගේ නිළ වෙබ් අඩවිය හරහා මෙය pre-order කිරීමේ හැකියාව තිබෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Pine64 වෙබ් අඩවිය හා Softpedia වෙබ් අඩවිය භාවිතා කළ හැක.