පසුගිය නොවැම්බර් මාසය වන විට අත්හදාබලමින් පැවති පහසුකමක් වන Tweets schedule කිරීමේ පහසුකම මේ වන විට Twitter platform එකේ Web app එකට ලබාදීමට Twitter සමාගම කටයුතු කර ඇති බව ඔවුන්ගේ නිළ Twitter Support ගිණුම හරහා නිවේදනය කර තිබෙනවා.
මේ පහසුකම හරහා ඔබට යම්කිසි tweet එකක් ඉදිරි කාලයේ නිශ්චිත වේලාවක් සඳහන් කර, එම වේලාවට ස්ව්‍යංක්‍රීයවම post වන ලෙස සකසා තැබිය හැකි අතර, Tweet එකක් compose කරන විට එහි අලුතින් ඇතුලත් කර ඇති calendar icon එක click කිරීම හරහා මෙම පහසුකම භාවිතා කළ හැකි වෙනවා.
Not quite ready to send that Tweet? Now on https://t.co/fuPJa36kt0 you can save it as a draft or schedule it to send at a specific time –– all from the Tweet composer! pic.twitter.com/d89ESgVZal
— Twitter Support (@TwitterSupport) May 28, 2020
මීට අමතරව ඔබට අවශ්‍යය නම් tweets, draft ලෙස save කර තබාගැනීමේ හැකියාවක් ද ලබාදීමට මොවුන් කටයුතු කර ඇති නමුත් තවමත් එම drafts sync වන්නේ, ඔබ Twitter web app භාවිතා කරනු ලැබුවේ නම් web app එක තුළ පමණක් බවත්, mobile app එක භාවිතා කරනු ලැබුවේ නම්, mobile app එක තුළ පමණක් වන බවත් The Verge වෙබ් අඩවිය පෙන්වා දෙනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා The Verge වෙබ් අඩවිය සහ The Next Web වෙබ් අඩවිය භාවිතා කළ හැක.