Facebook සමාගම විසින් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටින්නේ high-reach එකක් සහිත Facebook Profile හිමියන්ගේ identity එක, එහෙමත් නැතිනම් අනන්‍යයතාවය තහවුරු කරගැනීමට ඔවුන් කටයුතු කරනු ලබන බවයි.

මේ හරහා අනෙකුත් Facebook පරිශීලකයින් fake user වරුන්ගේ සහ bot මගින් පළ කරනු ලබන content වල ගොදුරු බවට පත් වීම වැලැක්වීම ඔවුන්ගේ අරමුණ බව Facebook සමාගම වැඩිදුරටත් පෙන්වා දෙනවා.

2018 වර්ෂයේ සිට විශාල audience එකක් ඇති Facebook Page හිමියන්ගේ අනන්‍යයතාවය තහවුරු කරගැනීමට Facebook සමාගම කටයුතු කළ බවත්, මේ වන විට එය පුද්ගලික profile දක්වා ව්‍යාප්ත කිරීමට ඔවුන් කටයුතු කර ඇති බවත් වාර්ථ‍ා වෙනවා.

විශේෂයෙන්ම අසාමන්‍යය හැසිරීමක් සහිත Facebook ගිණුම් වෙත මේ හරහා වැඩි අවධාන‍යක් යොමු කෙරෙනු ඇති අතර යම් හෙයකින් මේ ආකාරයේ ID verification එකක් fail වීමක්, එනම් ලබාදුන් ID එක හරහා එම පුද්ගලයාව verify කරගත නොහැකි වුවහොත් අදාල Facebook ගිණුමෙහි reach එක අඩු කිරීමටත්, එම පුද්ගලයා Page Admin කෙනෙකු නම්, ඔවුගේ දැනට පවතින් Page Authorization process එක සම්පූර්ණ කරන තුරු අදාල page වලින් post කිරීමේ හැකියාව අවහිර කිරීමටත් Facebook සමාගම කටයුතු කරනු ලබනවා.

මේ කටයුත්ත සඳහා ලබාගනු ලබන ID සහ තොරතුරු ආරක්ෂිතව ගබඩා කරනු ලබන බවත්, වෙනත් කිසිවෙකු සමඟින් එම තොරතුරු share නොකරන බවත් Faceboook සමාගම වැඩිදුරටත් ප්‍රකාශ කර සිටිනවා.

මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා නිළ Facebook Newsroom වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.