මේ වන විට ලෝකය පුරා දේශපාලනික තීරණ, විශේෂයෙන්ම මැතිවරණ කටයුතු වලදී සමාජ ජාල වෙබ් අඩවි ඉතාමත් වැදගත්කමක් උසුලන බව පසුගිය වසර කිහිපය පුරාවට සිදු වූ සිදුවීම් වලින් දකින්නට ඇති.
කොහොම නමුත් Twitter සිය වෙබ් අඩවියෙන් දේශපාලන දැන්වීම් ඉවත් කරමින් සිටින බව ප්‍රධාන විධායක නිළධාරීවරයි වන Jack Dorsey පසුගිය බදාදා නිවේදනය කළ අතර, ඔහුගේ මෙම නිවේදනයෙන් පැය කිහිපයකට පසු Twitter ආයතනයේ වෙළඳාම් කොටස් 1% කට වඩා පහත වැටුණු බව වාර්ථා වෙනවා.
We’ve made the decision to stop all political advertising on Twitter globally. We believe political message reach should be earned, not bought. Why? A few reasons…🧵
— jack 🌍🌏🌎 (@jack) October 30, 2019
ගෝලීය වශයෙන් Twitter හි සියලුම දේශපාලන වෙළඳ දැන්වීම් නැවැත්වීමට අපි තීරණය කර ඇත්තෙමු. අපි විශ්වාස කරන්නේ දේශපාලන පණිවුඩ උපයාගත යුත්තක් මිස, මුදල් ගෙවා ප්‍රචාරය කළ යුතු නොවන බවයි. ~ Jack Dorsey
Twitter හි මෙම පියවර Facebook සමාගමට වඩා හාත්පසින්ම වෙනස් වන අතර 'දේශපාලනඥයන්ගේ දේශපාලන දැන්වීම් සත්‍ය වශයෙන්ම පරීක්ෂා කිරීම හෝ ඉවත් නොකිරීම' සම්බන්ධයෙන් Facebook හි ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පසුගිය සති කිහිපය පුරාවට නීති සම්පාදකයින් සහ එහි සේවකයින්ගේන් දැඩි විවේචනයට පාත්‍ර වී තිබෙනවා.
කොහොම වුණත් දේශපාලන දැන්වීම් තහනම් කළ පළමු ප්‍රධාන සමාජ ජාල සේවාව ලෙස මෙම මස මුලදී චීන වීඩියෝ යෙදුමක් වන TikTok සේවාව මෙම කටයුත්ත ආරම්භ කළ අතර මේ වන විට Twitter ආයතනය ද එම තීරණය අනුගමනය කර ඇති බව දැකගත හැකි වෙනවා.
කිසියම් පුද්ගලයෙකු දේශපාලනික පණිවිඩ සහිත tweet එකක් retweet කළ විට හෝ අදාල ගිණුම් follow කරන්නේ නම්, අදාල දේශපාලනික පණිවිඩ වල වටිනාකමට සරිලන reach එක ලැබෙන බවත්, කිසිවෙකු විසින් මුදල් ගෙවා ජනතාවගේ තීරණ ඉවත් කර ඒ වෙනුවට එකිනෙකා කෙරෙහි ඉලක්ක කර දේශපාලනික පණිවිඩ පෙන්වීමට බළ කරන්නේ නම් එය සාධාරණ නොවන බවත්, මෙම තීරණය කෙරෙහි මුදල් මගින් බළපෑමක් ඇති කිරීමේ හැකියාව නොතිබිය යුතු බවත් Twitter සමාගම විශ්වාස කරන බව ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
වැරදි තොරතුරු පැතිරීම නැවැත්වීමට තම සමාගම කැපවී සිටින බවත්, Twitter සමාගමට මුදල් ගෙවීම මගින් ඔවුන්ගේ පරිශීලකයන්ව ඉලක්ක කර දේශපාලනික දැන්වීම් පෙන්වීම මේ අනුව නවත්වාදැමීමට කටයුතු කරනු ලබන බවත් Twitter හි ප්‍රධාන විධායක නිළධාරීවරයා වන Jack Dorsey වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
Twitter ආයතනයේ මෙම තීරණයට ලොව පුරා විචාරකයින්ගේ සහ ඇතැම් දේශපාලනඥයන්ගේ සුභපැතුම් ලැබි තිබුනේ මෙසේය.
This is the right thing to do for democracy in America and all over the world.
— Hillary Clinton (@HillaryClinton) October 30, 2019
What say you, @Facebook? https://t.co/dRgipKHzUG
This is a good call. Technology - and social media especially - has a powerful responsibility in preserving the integrity of our elections.
— Alexandria Ocasio-Cortez (@AOC) October 30, 2019
Not allowing for paid disinformation is one of the most basic, ethical decisions a company can make.
/1 https://t.co/YtNawdnJfj
This is good. There’s a lot more Twitter should be doing to clean up the platform, but this is a good first step. Your move, Google/Facebook. https://t.co/dP5oidb2hq
— David Cicilline (@davidcicilline) October 30, 2019
Twitter සමාගමේ මේ තීරණය සමස්ත දේශපාලඥයන් කෙරෙහි වන නමුත් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ 2020 ජනාධිපතිවරණ ප්රචාරක කළමනාකරු වන Brad Parscale, ඩෝර්සිගේ මෙම නිවේදනය විවේචනයට ලක් කළ අතර මෙය ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ දේශපාලන පක්ෂය නිහඬ කිරීමේ එක් උත්සාහයක් බවත් ඔහු ප්‍රකාශ කර සිටිනවා.
Twitter bans political ads in yet another attempt by the left to silence Trump and conservatives. Wouldn’t be surprised if @twitter lifted the ban after 2020.
— Brad Parscale (@parscale) October 30, 2019
Statement: pic.twitter.com/4ZdHGJw3js
ඒ අනුව Twitter සමාගම සිය නව ප්‍රතිපත්තිය පිළිබඳව වැඩිදුර තොරතුරු නොවැම්බර් මස 15 වැනි දින නිවේදනය කරනු ලබන බවත්, මෙය නොවැම්බර් 22 වැනි දින සිට ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නා බවත් ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.
මේ ගැන වැඩිදුර විස්තර දැනගැනීම සඳහා CNN වෙබ් අඩවිය හා CNBC වෙබ් අඩවිය භාවිතා කළ හැක.