Arc web browser එක හඳුන්වාදුන් Browser Company සමාගමෙන් Dia නම් වූ අලුත් AI web browser එකක්

2022 වසරේ එළිදක්වනු ලැබූ Arc web browser එක සාම්ප්‍රදායික වෙබ් බ්‍රවුසර් වලට වඩා වෙනස් විශේෂාංග රාශියක් සහිත වීම නිසාවෙන්, විශේෂයෙන්ම අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ කටයුතු වඩාත් කාර්යක්ෂම කරගැනීමට හැකියාව ලබාදීම නිසාවෙන්, ඉතාමත් වේගයෙන් පරිශීලක ආකර්ෂනය දිනාගැනීමට සමත් වුණා.

මේ Arc web browser එක නිර්මාණය කරපු Browser Company සමාගම විසින් 2025 වර්ෂයේ එළිදැක්වීමට නියමිත ඔවුන්ග‍ේ මීළඟ web browser එක, එනම් Dia නම් වූ AI web browser එක ගැන මේ වන විට තොරතුරු අනාවරණය කර තිබෙනවා.

අපි දැනටමත් විවිධ ක්‍රම ඔස්සේ අර්ධ වශයෙන් හෝ සම්පූර්ණයෙන් manually සිදු කරන ක්‍රියාකාරකම්, AI පාදක කරගත් පහසුකම් ගණනාවක් මගින් automate කිරීමට මෙන්ම, අන්තර්ජාලය භාවිතා කරන්නන්ගේ කටයුතු තව තවත් පහසු කරවීමට මෙම browser එකට හැකියාව තිබෙනු ඇති බව අපට අනුමාන කළ හැකි වෙනවා.

පහත වීඩියෝව හරහා මේ අලුත් browser එකේ තිබීමට නියමිත පහසුකම් වල early prototypes දැකගැනීමට හැකියාව ලැබෙනවා.

මෙම අලුත් browser එක හඳුන්වාදීම සමඟින් Arc browser එකේ පැවැත්මට කිසිඳු වෙනසක් සිදු නොකරන බව" එනම් එය නවත්වාදැමීමට කටයුතු ‍නොකරන බව, Browser Company ආයතනයේ CEO වරයා වන Josh Miller වැඩිදුරටත් සඳහන් කරනවා.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා TechCrunch වෙබ් අඩවිය සහ The Verge වෙබ් අඩවිය භාවිතා කළ හැක.