Telegram යනු තම පරිශීලකයන් හට වැදගත් පහසුකම් ප්‍රමාණයක් නොමිලේම සපයන Messenger සේවාවකි. අනෙකුත් Messenger Platforms සමග සැසදීමේදී පරිශීලකයන් හට උපරිම නිදහසක් සමග තම දත්ත සදහා වැඩි ආරක්ෂාවක් Telegram මගින් සැපයේ.

පසුගිය දිනෙක ඔවුන් තම Test Servers තුල නව අංගයක් පරීක්ෂා කරන බව දැකගන්නට ලැබුණි. මෙහි විශේෂත්වය නම් එය Telegram Premium ලෙසින් හදුන්වනු ලබන Subscription සේවාවක් වීමයි.

මෙතරම් කලක් පරිශීලකයන්ගේ කිසිදු මුදලක් අය නොකර Unlimited Cloud Storage, Voice Chat with Unlimited Participants, Channel with Unlimited Members සහ තවත් පහසුකම් බොහෝමයක් සැපයූ Telegram ආයතනය ඉදිරියේදී තම පරිශීලකයන්ට Subscription ක්‍රියාවලියක් හදුන්වාදීමට යාම සැමගේ කතා බහට ලක් වී ඇත.

මේ සමගම ඔවුන් තම හදුන්වාදීමේ දක්වා ඇති “Free” යන වචනයෙහි අර්ථ දැක්වීම ද පහත පරිදි වෙනස් කර ඇත.

Since 2013 :
Telegram is free forever. No ads.
No subscription fees.

Now :
Telegram provides free unlimited cloud storage for chats and media.

Telegram changed the description of "Free" meaning
💡
Subscription ක්‍රමයක් ඇතුලත් වුවද පරිශීලකයන් හට ලබා දෙන Unlimited Cloud Storage පහසුකම සහ Large Files Sharing වැනි පහසුකම් වලට මෙමගින් බාධාවක් නොවන බවට අදාල නව අර්ථ දැක්වීම් මගින් පැහැදිලි වේ.

දැන් අප ඉදිරියේදී එළිදැක්වීමට නියමිත Subscription සේවාවෙන් Premium පරිශිලකයන්ට පමණක් ලැබෙන විශේෂ වරප්‍රසාද මොනවාදැයි සොයා බලමු.

ප්‍රධාන වශයෙන් පහත Features Telegram විසින් Premium පරිශීලකයන් හට ලබා දෙයි.

  • Special badge near the name.
  • Full screen stickers.
  • Additional reactions.

ඒ සමගම පහත ලැයිස්තුගත පහසුකම් භාවිතයේදී සාමාන්‍ය පරිශීලකයන්ට දැනට පවතින සීමාවන් වල ප්‍රමාණයන් දෙගුණ කර Premium පරිශීලකයන්ට වැඩි නිදහස් ලබා දී ඇත.

  • Number of chats in the folder (100 → 200).
  • Limit on channels and supergroups (500 → 1000).
  • Number of folders (10 → 20).
  • Number of pinned dialogs in the main feed (5 → 10) and inside the folder (100 → 200).
  • Number of public usernames for channels and supergroups (10 → 20).
  • Number of favorite stickers (5 → 10).

ඉදිරියේදී මෙම ලයිස්තුව Telegram හී අත්හදාබැලීම් මත වෙනස් විය හැක.

තවමත් මෙම Subscription සේවාවට පරිශීලකයන් විසින් මාසිකව ගෙවිය යුතු මුදල පිළිබඳ නිසි දැනුවත් කිරීමක් Telegram ආයතනය විසින් සිදු කර නොමැති අතර ඔවුන් පවසන ආකාරයට ඉදිරි Updates සමග මෙම පහසුකම එළිදැක්වීමට දැනටමත් කටයුතු සිදු කරමින් ඇත.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා Android Police වෙබ් අඩවිය සහ Telegram Info වෙබ් අඩවිය භාවිතා කළ හැක.