තම වර්ගයාගේ පැවැත්ම වෙනුවෙන් කැපවෙන කුරුල්ලෝ .


අපි කවුරුත් පාහේ අලුයම අවදි වන විට කුරුල්ලන් ඉතාමත් උනන්දුවෙන් ගී ගයනවා අහලා තියෙනවා. මෙම සංසිද්ධිය "Dawn Chorus" (DC) ලෙස හැඳින්වෙනවා. ඒත්, කුරුල්ලන් මේ විදිහට අලුයම වැඩි ශබ්ධයෙන් ගී ගයන්නේ ඇයිද කියන එක විද්‍යාඥයින්ට දිගු කලක සිට පැවතුනු අභිරහසක්.

මීට කලින් මේ සංසිද්ධිය ගැන සිදු කරන ලද පර්යේෂණ බොහෝ දුරට වනාන්තර වල සිටින කුරුල්ලන් ආශ්‍රයෙන් සිදු වූ නිසා, Dawn Chorus වෙත නිශ්චිත හේතුවක් සොයා ගැනීම විද්‍යාඥයින්ට අපහසු කාරණයක් වුණා.

නමුත්, මෑතකදී පර්යේෂණාගාරයක් තුල සිදුකළ නවතම අධ්‍යයනයකින් මෙම "Dawn Chorus" (DC) අභිරහසට පිළිතුරක් ලැබිලා තියෙනවා.

මෙම අධ්‍යයනය සඳහා විද්‍යාඥයන් විසින් zebra finch (Taeniopygia guttata) නම් කුරුලු විශේෂය යොදා ගෙන තියෙන අතරම ඔවුන්ව පාලිත තත්වයන් යටතේ රසායනාගාරයක, උෂ්ණත්වය, ආහාර, සහ විශේෂයෙන්ම ආලෝකය පාලිත තත්වයන් යටතේ ලබාදීල තියෙනවා.

පර්යේෂකයන් ප්‍රධාන වශයෙන් සිදු කලේ කුරුල්ලන්ට උදෑසන ආලෝකය ලැබෙන වේලාව (lights-on time හෙවත් LT) වෙනස් කිරීමයි.

මෙම පර්යේෂණයේදී විද්‍යාඥයින්ට කරුණු මොහොමයක් අනාවරණය කර ගන්න හැකියාව ලැබුනා.

💡
සාමාන්‍යයෙන් ආලෝකය ලැබෙන වේලාවට වඩා පැය 3ක් වැනි කාලයක් ආලෝකය පමා කළ විට (+3h LT), ආලෝකය ලැබුණු සැනින් කුරුල්ලන් ඉතාමත් තීව්‍ර ලෙස සහ වැඩි වාර ගණනක් ගී ගයන බව ඔවුන්ට නිරීක්ෂණය වුණා.

ඒත්, ආලෝකය සාමාන්‍ය වේලාවට වඩා පැය 3ක් ඉක්මනින් ලබා දුන් විට (-3h LT), ඔවුන් ඒ ආකාරයට ගී ගයා නැහැ.

මෙය "rebound singing" හෙවත් "ප්‍රතිචාර ගායනයක්" ලෙස පර්යේෂකයන් හඳුනා ගත්තා. මෙයින් අදහස් වන්නේ, කුරුල්ලන් අඳුරේ සිටින මුළු කාලය පුරාම, ගී ගයන්නට ඇති ස්වභාවික උනන්දුව (intrinsic motivation) අඳුර නිසා suppression ව ඇති බවයි. ආලෝකය ලැබුණු සැනින්, මෙසේ මර්දනය වී එකතු වූ සියලු උනන්දුව එකවර "rebound singing" ලෙස පිට කරන බව විද්‍යාඥයෝ පෙන්වා දෙනවා.

මෙම අධ්‍යයනයෙන් හෙළි වූ තවත් කරුණක් තමයි, කුරුල්ලන් ආලෝකය ලැබීමට බොහෝ වේලාවකට පෙර සිටම අවදියෙන් සිටින බව, මෙයට හේතුව ඔවුන්ගේ ශරීරයේ ඇති හෝමෝන ක්‍රියාවලියයි.

ඔබ බොහෝ විට Melatonin හෝමෝනය ගැන අස ඇති. Melatonin කියන්නේ නින්ද පාලනය කරන හෝමෝනයයි. කුරුල්ලන්ගේ ශරීරයේ melatonin මට්ටම, අලුයම ආලෝකය ලැබීමට පැය 0.5ත් 2ත් අතර කාලයකට පෙර, ස්වභාවිකවම පහත වැටීමක් සිදුවෙන බව පර්යේෂකයන්ට නිරීක්ෂණය වුණා.

මෙම ක්‍රියාවලිය ඔවුන්ගේ ශරීරයේ ඇති circadian clock මගින් පාලනය වන බවත් අඳුරේදී පවා කුරුල්ලන් අවදි කරවන හැකියාව ඇති බවත් විද්‍යාඥයින් අනාවරණය කර ගත්තා.

පර්යේෂකයන් ට අනුව මෙය "Warm-up Hypothesis" ලෙස හැඳින්වෙන සිද්ධාන්තය තහවුරු කරන හැසිරීමක්.

මෙම "Dawn Chorus" (DC) යනු, මුළු රැයක් පුරා නිහඬව සිටීමෙන් පසු, නැවතත් ගායනය සඳහා කටහඬ සකස් කර ගැනීමට කරන intensive vocal exercise එකක් ලෙස හඳුන්වන්නත් පුළුවන්.

කුරුල්ලන්ගේ ගීතයේ නිරවද්‍යතාවය සහ song structure රාත්‍රී නිහැඬියාවෙන් පසු යම්තාක් දුරට අක්‍රමවත් ව තිබෙන්න පුළුවන්. මෙම අලුයම ගායනය මගින්, එම ගීතයේ ව්‍යුහය නැවත refinement කර ගැනීම වේගවත් කරවනවා.

මෙසේ 'warm-up' වීම, දිවා කාලයේදී සහකරුවන් ආකර්ෂණය කර ගැනීමට සහ තම වර්ගයාගේ පැවැත්ම තහවුරු කර ගැනීමට අත්‍යවශ්‍ය reproductive success එක වෙත අවශ්‍ය optimize song performance වෙත ළඟා වීමට අත්‍යවශ්‍ය වෙනවා.

හෙට ඉඳන් උදේ අරුණාලෝකය වැටෙද්දී ඔයාට ඇහෙන ලස්සන කුරුළු සද්ද එයාලගේ practice session එකක් බව ඔයාට මතක් වේවි.

මේ පිළිබඳව වැඩිදුර විස්තර දැනගැනීම සඳහා biorxiv.org වෙබ් අඩවිය සහ sciencealert.com වෙබ් අඩවිය භාවිතා කළ හැක.