ලොකු පොඩි කියල වෙනසක් නැතිව නිදහසේ ඉන්න වෙලාවට කාටුන් එකක් බලන්න ඕනම කෙනෙක් කැමතියි.

එත් අද කාලෙ විකාශනය වෙන කාටුන් එක්ක බලද්දි 2012 ට කලින් විකාශනය වුන කාටුන් අතර ලොකු වෙනසක් තියෙනවා. ඉතින් පොඩි අය වගේම, මේ වන විට අවුරුදු 18 - 35 ත් අතර පුද්ගලයින් ගොඩක් කැමතියි තමන් පොඩි කාලෙ බලපු කාටුන් ආයෙත් නරඹලා මතකය අවදි කරගන්න.

කොහොම වුණත් ඒ අයට තියන ප්‍රධාන ගැටළු වලින් එකක් තමයි, මේ Cartoons පිළිවෙලකට හොයාගන්න නොලැබෙන එක. YouTube වගේ platform වලට මේවා upload කරලා තිබුණත්, තිබෙන කාර්යයබහුලත්වයත් එක්ක ඒවා හොයන්න කාටවත් වෙලාවක් නැහැ.

ඉතින් ඒ ප්‍රශ්නයට විසදුමක් විදියට අලුතින් ලංකාවේම නිර්මාණය වුන Mobile App එකක් ගැන තමයි අද කතා කරන්න යන්නේ.


මේ ඇප් එකේ නම Sinhala Cartoon. දැනට නම් Android භාවිතා කරන අයට විතරයි මේක තියෙන්නෙ. ඉදිරියට iPhone භාවිතා කරන අයටත් මේ App එකේ සංස්කරණයක් නිකුත් කරන්න මේක හදපු නිර්මාණකරුවන් බලාපොරොත්තු‌වෙන් ඉන්නවා.

මේ ඇප් එකේ සිංහල හඩ කවපු කාටුන් 200 කට කිට්ටු වෙන්න තියෙනවා. ඒ ව‌ගේම Episodes 12,000 කට වඩා තියෙනවා. ඒ වගේම වැදගත් දේ තමයි ඕනම කෙනෙක්ට මේ ඇප් එක නොමිලේ Google Play Store එක තුළින් download කරගන්න පුලුවන්.

ඕනම කෙනෙකුට පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහේ සරළ user interface එකක්, Picture-in-Picture mode එක, Favorites save කරගැනීමේ හැකියාව වගේම ඔයා කැමති cartoon category එක අනුව cartoon තෝරගන්නත්, Search කිරීමේ හැකියාවත් මෙයට අන්තර්ගත කරලා තිබෙනවා.

ඒ වගේම මේ App එකට දිනපතා අලුත් cartoons, episodes එකතු වෙන අතර, ඒ එකතු වෙන අලුත් දේවල් ගැන දැනුම් දෙන්න push notification පහසුකමත් මේ app එකේ තියෙනවා.

සූර පප්පා, ගිරිපුර ඇත්තෝ, පිස්සු පූසා, ස්කූබි ඩූ, ටින් ටින්, සොනික්, සෝරෝ, අපි රජ ඉබ්බෝ, දොස්තර හොද හිත, ඔය තියෙන්නේ මේ App එකේ තිබෙන cartoon වලින් ටිකක් විතරයි. මේ නම් ටික කියවනකොටම පරණ මතකයන් ඔලුවට එන කාටුන් පිස්සෙක් නම්, කාටුන් බලන්න ගොඩක් ආසයි නම් දැන්ම ඇප් එක දාගන්න.


මේ App එකේ තව හැදෙන්න ‍දේවල් නැතුවමත් නෙවෙයි. Color scheme එක වගේ තව ගොඩක් improve වෙන්න දේවල් තියනවා. App එක use කරනකොට ඔයාලටත් මේ වගේ අදහස් එයි. ඒ හැම දෙයක්ම [email protected] කියන email address එකට ඔයාගේ අදහස් යවන්නත් අමතක කරන්න එපා.

මේක අපේ රටේ කොල්ලෙක්ගේ වැඩක් කියන එක අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. ඉතින් ඔයා App එකට කැමති කොයි තරමින් ද, අන්න ඒ තරමට ගැලපෙන විදිහේ Feedback එකක් දෙන්නත් අමතක කරන්න එපා.

Sinhala Cartoons App එක Download කරගැනීම සඳහා මේ Link එක භාවිතා කළ හැක.