Nasa ආයතනය විසින් අභ්‍යවකාශ තරණයේදී පැමිණි අභියෝග ජය ගැනීමට විවිධ තාක්ෂණ විසඳුම් සොයාගත් අතර එම තාක්ෂණයන් අභ්‍යවකාශ ගවේෂණය හැර වෙනත් නිෂ්පාදන වෙනුවෙන් යොදාගැනීමට ඇතැම් සමාගම් වෙත බලපත්‍ර නිකුත් කර තිබෙනවා.
Nasa ආයතනය සතු අභ්‍යවකාශ තාක්ෂණය අපේ එදිනෙදා ජීවිතයේ උපාංග නිර්මාණය වෙන්න බලපාපු හැටි ගැන අපි මේ ලිපි මාලාවේ පළමු කොටසින් කතා කළා. මේ එහි දෙවැනි කොටසයි.
11 - UV Blocking Sunglasses
80 දශකයේ දී Nasa හි විද්‍යාඥයන් විසින් welding curtain එකක් නිපදවූ අතර එයට දැඩි ආලෝකය අවශේෂණය කරගැනීමට, පෙරීමට සහ එම ආලෝකය විසිරවීමට හැකියාව ලැබුණා.
මෙම තාක්ෂණයම අව් කණ්ණාඩි සඳහා ද භාවිතා කළ හැකි බව එම විද්‍යාඥයෙන් පසුව තේරුම් ගත් අතර හිරුගේ දැඩි පාරජම්බූල කිරණ අවහිර කරන අව්කණ්ණාඩි කරළියට පැමිණියේ එලෙස යි.
12 - Anti-corrosion coating
අද අප විවිධ ඉදිකිරීම් මතුපිට ගැල්වීම සඳහා භාවිතා කරන Anti-corrosion coating ද සොයා ගැනීමේ ගෞරවය හිමිවන්නේ නාසා ආයතනයට.
ඔවුන් විසින් මෙය සොයා ගන්නා ලද්දේ අභ්‍යවකාශයේදී භාවිතා කරන උපකරණ අධික සීතල, අධික උෂ්ණත්වය වැනි තත්ත්වයන් වලට ඔරොත්තු දීමේ හැකියාව ලබාදීම සඳහායි.
13 - Aluminized polymer insulations
මෙම දිලිසෙන රෙද්දක් වැනි කාපට් එක ඔබ ඕනා තරම් නිෂ්පාදන කර්මාන්තශාලා පවත්වාගෙන යන ගොඩනැගිලිවල දැක ඇති. මෙමගින් දැඩි සූර්ය කිරණ පරාවර්තනය කරනු ලබනවා.
නාසා ආයතනය විසින් මෙය නිර්මාණය කරන ලද්දේ අභ්‍යවකාශයේ පවතින දැඩි උෂ්ණත්වයෙන් Command module ආරක්ෂා කිරීම සඳහායි.
එමගින් එවක ඇපලෝ මෙහෙයුමේ ගඟනගාමින්ට, Apollo command module එක තුල Short sleeve tee shirt පැළඳ වැඩ කිරීමට තරම් පහසු පරිසරයක් නිර්මාණය උනා.
14 - Memory Foam
Temper foam එහෙම නැතිනම් memory foam නිර්මාණය කරන ලද්දේ Spacecrafts වල Crash protection pad එකක් ලෙසයි.
වර්තමානයේ එය අපේ නිදන මෙට්ටවල වගේම අශ්වරෝහක සෑදල දක්වා වූ විශාල පරාසයක උපකරණවල භාවිතා කෙරෙනවා.
15 - Pool water purification system
ගඟන ගාමින් සඳහා පානීය ජලය පිරිසිදු කර ගැනී සඳහා 60 දශකයේදී Nasa ආයතනය විසින් Electrolytic sliver ionizer එකක් නිපදවූ අතර, වර්තමානයේ මෙම තාක්ෂණය පිහිනුම් තටාකවල ජලය පිරිසිදු කිරීම සඳහා භාවිතා කෙරේ.
16 - Safer highways
Wet run ways මත සිදුවන ගුවන් නානා අනතුරු වැළැක්වීම සඳහා නාසා ආයතනය මගින් කොන්ක්‍රීට්වල මතුපිට Grooving ක්‍රමයක් හඳුනාගත් අතර මෙමගින් ගුවන්යානා ලිස්සායාම වැළැක්වීම, Landing කිරිමේ දුර අඩුවීම වැඩි වාසි සහගත ප්‍රතිඵල ලැබුණු අතර මේ හේතු නිසා අනතුරු අඩුවීම සිදුවිය.
වර්තමානයේ එය අධිවේගී මාර්ගවල බහුලව භාවිතා වේ. ( මාර්ග මතුපිට සිහින් කට්ට කැපීමක් මෙහිදී සිදුවන අතර මාර්ග තෙත සහිත වන විට මෙම ක්‍රමය නිසා ලිස්සා යාම අඩු වීම, රෝද සහ මාර්ග අතර ඝර්ෂණය වැඩි වීම සිදු වේ)
17 - Safe package food
අභ්‍යවකාශ ගමන් සඳහා ආහාරවල ආරක්ශාව සහතික කිරීමේ අරමුණ ඇතිව Nasa ආයතනය විසින් Pillsbury සමාගම හා එක්ව ආහාර නියමිත තත්ත්වයන් යටතේ සෞඛ්‍යාරක්ශිතව කල්තබා ගැනීම සඳහා නව ඇසුරුම් ක්‍රමවේදයක් සොයා ගන්නා ලදී.
වර්තමානයේ එය ලොව පුරා කර්මාන්තවල සුරක්ෂිතතා ප්‍රමිතියක් ලෙස පවත්වාගෙන යයි.
18 - Ear Thermometer
Nasa ආයතනය සහ Diatek සමාගම එක්ව නිර්මාණය කරන ලද මෙම Ear Thermometer උපකරණය වර්තමානයේ රෝගී ළදරුවන්ගේ සහ කුඩා දරුවන් සම්බන්ධයෙන් බහුලව භාවිතා වන අතර මෙම කුඩා උපකරණය Infrared anatomy තාක්ෂණය භාවිතා කරයි.
19 - Precision GPS
නාසා ආයතනය හා Jet Propulsion laboratory සමාගම හා එක්ව නිර්මාණය කරන ලද තාක්ෂණයක් නිසාවෙන් ඔබට වර්තමානයේදීත් රැහැන් රහිත සම්බන්ධතාවයකින් තොරව පවා ඔබේ දුරකථනය ඇතුළු සියලු Digital තිර මත GPS තාක්ෂණය භාවිතා කිරීමේ හැකියාව ලැබී තිබෙනවා.
20 - The Dustbuster
1970 දී චන්ද්‍රයා මතුපිටින් දුහුවිලි අංශු ඉවත් කරගැනීම සඳහා කුඩා උපකරණයක් අවශ්‍ය වූ අතර එම උපකරණය තමන්ගේම බලමූලාශ්රයකින් (Own power source ) බලගැන්විය යුතු බවටද ආයතනයෙන් නිගමනය කර තිබුණා.
පසුව නාසා ආයතනය විසින් මෙම උපකරණය නිර්මාණය කරවා ගැනීම සඳහා Black and Decker සමාගම කුලියට ලබාගත් අතර, පසුව මෙම සමාගම විසින් නාසා ආයතනය අවශ්‍යතාවය සාර්ථකව කිරීමට සමත් වුණා.
ඔබ අද දකින විවිධාකාරයේ Vacuum cleaner වල මූලාරම්භයේ සිදුවූයේ එලෙසයි.
Nasa ආයතනය සිය පර්යේශන මඟින් සොයා ගත් දැනුම හා තාක්ෂනයන් අප එදිනෙදා ජිවිතයේ භාවිත කරන නිශ්පාදන රැසකට මූලික වූ හැටි මේ ලිපි වලින් පැහැදිලි වන්නට ඇතැයි හිතනවා.